සිත සංසුන් වන හඩක්

1 Comment


අහඹු ලෙස ලැබෙන දේවල් තියෙනවා හරිම වටින. මට ලැබුන එක්තරා ඊ මේල් පනිවිඩයක තිබුන දිගුවක් දිගේ ගියහම හරිම ලෙන්ගතු ජීවිතයට  ඉතා සමීප දේවල් ඇහෙන්න පටන් ගත්තා. වැඩසටහන රෑ ඉරපාන එය මෙහෙයවන්නේ හරිම අපුරු පුද්ගලයෙක්. ඔහු නමින් බන්ධුල නානායක්කාරවසම්. ඇත්ත ඔහු අප කවුරුත් ප්‍රසිද්ධ ගේය පද රචකයෙක් ඒත් මේ දැනෙන්න ගන්නේ ඊට එහා ගිය ජීවිතය හරි අපූරු විදිහට දකින එහි සිද්ධි දාමයන් මනාව පෙල ගස් වන නිසග හැකියාවකින් යුතු සවේදී කෙනෙක් කියන දෙය.

එක වෙලාවකට හිතෙනවා අපි කොයි තරම් පුන්චිද මෙ සොදුරු මිනිසුන් ඉදිරියෙහි කියල. ගේය පද රචකයකුගේ සිත කොයි තරම් අපූරු තැනක්ද මොහොතකත හෝ නවාතැන් ගන්න. අහල බලන්න කොයි තරම් සුන්දරද කියල මේ දිගුව දිගේ ගිහිල්ල. http://www.fmderana.lk/index.php?route=programs/reeirapana

පිදුරු ගසක විප්ලවය – ජපන් ජාතික ෆුකුයාකෝ

Leave a comment


අද ලෝකයේ බොහෝ දෙනෙකු පරිසර හිතකාමී කෘෂිකර්මයක් ගැන කතා කරන යුගයක්. මෙහි කතානායකයා ජපන් ජාතික ෆුකුයාකෝ නම් පරිසරහිතකාමී වගාවට ඇලුම් කල මිනිසෙක්. කෘෂිකර්මයෙහි සැබෑ වෙනසක් ඇතිකරන්නට සමත් උන තවත් අගනා මිනිසෙක්. පිදුරු  ගසක විප්ලවය නමින් පොතක් නිකුත් වී අති බව දැනගන්නට ලැබුනත් මට මේ තක් එම පොත සොය ගත හැකි වූයේ නැත. නමුත් එහි ඉංග්‍රීසි පිටපත නම් සොය ගත හැකි උනා. පහත දැක්වෙන්නේ එම සබැදුමයි.

මොහොතකට අපි ඔහුව කියවමු.

පිදුරු ගසක විප්ලවය

පහත දැක්වෙන්නේ එම පොත ඇසුරෙන් නිපදවූ වාර්තාමය වැඩසටහනෙහි සබැදුමයි

පිදුරු ගසක විප්ලවය 1

පිදුරු ගසක විප්ලවය 2

Older Entries

Follow

Get every new post delivered to your Inbox.