මම මේ ලගදි ගියා පොඩි වන්දනා ගමනක්. සමහරවිට අහල ඇති හත්ථිකුච්චි කියල ස්ථානයක් තියනවා මේ ගල්ගමුව පැත්තේ.කුරුණෑගලින් වාරියපොල හරහා අනුරාධපුරයට යන බස් එකකට නැගල ගල්ගමුව පහුවෙනවත් එක්කම කි.මි 7ක් විතර එහායින් තියන මහගල්කඩවල හන්දියෙන් බැහල ඔය සෝලෙවැව පැත්තට යන බස් එකකට ගොඩවෙලා කි.මි.2ක් හෝ 3ක් ගියාම ඔය කියන තැනට යන්න පුලුවනි.

පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් කැණීම් කරල ගොඩක් දෙවල් හොයගෙන තියෙනව මෙතැන ගැන. සිරිසඝබෝ රජතුමා මගියකුට තමන්ගෙ හිස දන් දුන්න ස්ථානය විදිහට තමයි මෙතන ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. කොහොම උනත් බලන්න හරිම ලස්සන තැනක්. මේ මම කියන්න යන ගල් උගුල තිබ්බෙත් මේ ස්ථානයේම තමයි.

ගල් උගුල

ගල් උගුල

ගල් උගුල

ගල් උගුල

ගල් උගුලක් කියන්නෙ අපේ පැරැණි යුධ උපක්‍රමයක්. ඉතිහාසෙ සදහන් වන ආකාරයට අනුරාධපුරය දක්වා තිබූ පැරැණි මාර්ගය තිබිල තියෙන්නෙ මේ ස්ථානය හරහායි.ඉතින් සතුරන් පහලින් තිබෙන මෙම මාර්ගයේ ගමන් කරන විට මෙම ගල බොහොම සරල ලීවරයක් භාවිතා කරල පහලට පෙරලන එක තමයි කරල තියෙන්නෙ. අපි ඒ කාලේ ඉදන් ගල් පෙරලලා තියෙනවා :). පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව කියන විදිහට මේ උඩ තියෙන ගල පිහිටි එකක්. බලන්න පෙරලන්න ඔන්න මෙන්න කියල තියෙන විදිහට මේක සකස් කරල තියෙන විදිහ. හරි අපූරුයි නේද?

කොහොම උනත් මේක පෙරලපු නැති ගලක් එකනේ අද දක්වා ඉතුරු වෙලා තියෙන්නෙ. සමරවිට මේක තියෙන්නෙ සේනාසනයක් අයිනෙ නිසා පෙරලුවේ නැතිව වෙන්න ඇති 😀

Advertisements