ඔය කුරුණෑගල අනුරාධපුර පැතිවල අත ඇරල දාපු හේන් බොහොමයක් තියෙනව. ඉතින් අපි තීරණය කලා අපේ මේ රටකජු වගාව ඒ වගේ හේනකින් පටන් ගත්තොත් හොදයි කියල.හබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ වතුර තමයි මොකද ඒ පැතිවලට ඔය කොලඹට වගේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින්නෙ නෑනෙ ඒක නිසා කාලෙකට පස්සේ එන වැස්ස ඉතින් දෙවි කෙනෙක්ම තමයි.

ඉතින් දැන් සප්තැම්බර් මාසෙ ඉදන් ඔන්න දිගටම මාස කීපයක් ඒ පැත්තට වහින්න තමයි යන්නෙ ඉතින් අපටත් වැඩේ ලේසි වෙනව මෙ වැඩෙන්.ඒ පැතිවල ගොඩක් අහින්සක මිනිස්සු තමයි ඉතින් ජීවත් වෙන්නෙ. කපටියො ඉතින් කොහෙත් ඉන්නවනෙ.
කොහොම උනත් අක්කර 2ක් වත් වවාගන්න පුලුවන් උනොත් එක හොදයි. මගෙ ඔය ඉස්සර වෙලා දාල තියෙන්නෙ තෝරගත්ත ඉඩම තමයි. බලමු ටිකෙන් ටික.ඉතින් අපි හෙනක් ගත්තම සතුටු නම් කීයක් හරි ඒ අයට දෙන එක අපෙ යුතුකම තමයි.

මේ ලගදි පින්තු ස’රුත් මගෙ ලිපියක් දැකලා කමෙන්ට් එකක් දාල තිබුන කරන දේ ලියන්න කියල. මමත් එක හිතට ගත්ත මොකද මම කරන දේ ලිව්වම කියවන කෙනා ඊලගට මොකද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවනෙ. ඉතින් එතකොට මම කරන දේ අනිවාර්යයෙන් දිගටම කරන්න වෙනවනෙ :). මොකද දිගට දිගට ලියන්න කරුනු තියෙන්නථ් එපාය.අනිත් එක තමයි මේ කරන දේ දැකල අනික් අයටත් මේ වගේ දෙයක් කරන්න උනන්දුව අතිවේවි කියන බලාපොරොත්තුවත් හිතේ ඇතුවයි. අනිත් කාරනාව තමයි සිංහලෙන් ලියන එක. මොකද ඒකෙන් ගොඩක් අයට කියවන්න හැකියාව ලැබෙනවනෙ.  මට හිතෙනවා ගොවිතැනට ගැලපෙන්නෙ සිංහල කියලා 🙂 .

ඉතුරු කරුණු පසුවට…

Advertisements