අපේ ඔෆිස් එකේ කට්ටියගේ විනෝදාංශය තමයි කැලෑවල අවිදින එක. අදත් කට්ටියම ගියා කන්දක් නගින්න. එකට එයලා නම් කියන්නෙ මේ Camping යනව කියල.  මම නම් ගියේ නෑ මොකද මට මේ වෙන වැඩක් යෙදිල තිබුනු නිසා. ඔය අතර ඇත්තටම කදු නගින්න ආස අයත් ඉන්නවා ඒ අතර ඕකෙ මෙලෝ රහක් නැති අයත් ඉන්නවා. එක දවසක් කන්දක් නගින්න ගිහිල්ල උන කතාවක් මේක.

දන් කට්ටියම කන්දෙ භාගයක් විතර නැගල ඉතුරු ටික බොහොම අමරුවෙන් නගින වෙලාවක එක්කෙන් අහනවා “ඇත්තටම ඇයි අපි මේ කන්ද නගින්නේ” කියල. ඉතින් ඔය අතර හිටපු දමිල සහෝදරයෙක් කියනවා “It’s a really very good question brother. It’s a something to think about .” කියල බොහොම අමාරුවෙන් :). ඒ අතර තව සමහරු සැන් පව්ඩර්, ආෆ්ටර් ෂේව් එහෙමත් අරගෙන තමයි කන්ද නගින්නෙ.

ගොඩක් වෙලාවට මම නම් දකල තියෙන දෙයක් තමයි ඔය පහල පලාත්වල අය කදු පලාත් වලට කමතියි. කදු පලාත් වල ඉන්න උදවිය තනිතලා සහිත පතිවලට ගොඩක් කමතියි. මේක වෙනස් වෙන අවස්ථා නැතිව නෙවෙයි.  දැන් කොළඹ හිටියට මම උපන්නෙ හැදී වැඩුනෙ කඩුගන්නාව, රඹුක්කන පැත්තෙ. මගෙ යාලුවෙක් ඉන්නවා මිනිහා ගාල්ලෙ. දවසක් ට්‍රිප් එකක් යන්න ගිහිල්ල මම කිව්වා මුහුදත් බලාගෙන ගාල්ල පැත්තෙන් කතරගම යමු කියලා. එතකොට එයා කියනවා මොකද්ද මචං මුහුද බලල ඇති වැඩේ මෙලෝ රහක් නෑනෙ අපි නකල්ස් නගිමුද කියල. එතකොට මමනම් කිව්වෙ මොකද්ද බං කන්දක් නැගල අති වඩේ කියල 🙂

Advertisements