ගොඩක් අය හිතන්නේ නෑ තමන් මැරෙන්න ඉන්න මනුස්සයෙක් කියල. අපි ගොඩක් වෙලාවට හැසිරෙන්නෙ, වැඩ කරන්නෙ අපි හරියට තව බොහෝම කල් ජීවත් වෙලා ඉදිවි කියල වගේ බලපොරොත්තුවකින්. ඒත් මොකද්ද තියෙන පදනම එහෙම හිතන්න?

අපි හිතමු නිකමට වගේ හදිස්සියේම තමන් දන ගත්තා කියල තව මාස 3 කින් විතර තමන්ට මේ ලෝකෙ හැරයන්න වෙන බව දන ගත්ත කියල. එතකොට මොකද හිතෙන්නෙ?

එක එක දේවල් හිතේවි නේද? අනේ මම දුක් මහන්සියෙන් ඇති දැඩි කල ලමයි, මගෙ ප්‍රිය බිරිද, දෙමව්පියෝ, ජීවිත කාලයක් මහන්සිවෙලා හරි හම්බ කරගත් සල්ලි ටික,නිදහසේ ඉන්න කියලා හදා ගත්ත ගේ පොඩ්ඩ,අල්ලපු ගෙදරත් එක්ක අවුරුදු 9ක් විතර නඩු කියල ලගදි අයිති උන පොල් ඉඩම… ඔය වගේ දහක් දෙවල්.

මාස 3 ක් විතර එහෙම හම්බ උනොත් නම් හොදයි. මොන මොනවා හරි ටිකක් කර ගන්න පුලුවන් වෙයි. ඒත් දෙයියනේ අද දවස විතරක් නම් තියෙන්නේ…මේ වගේ වෙලාවට නම් තමන්ට තෝරගන්න තියෙන්නේ ඉතාම වදගත් දේවල් ටිකක් විතරයි නේද? මොකද ජීවිත කාලයම තමන් පුහුනු පුරුදු කරල තිබ්බෙ නරක දේවල්ම නම් අද දිනය නිමා වෙන්න කලින් අතිශය ප්‍රබල කුසලයක් වත් කරගන්න ඕන අඩු ගානෙ හිතවත් සනස ගන්න.ඒත් තමන් පුරුදු පුහුනු කලේ හොද දේවල් නම් කරන්න තියෙන්නෙ බොහොම ආදරෙන් වටේ ඉන්න අයට සමු දෙන එක තමයි. හිතට ලොකු බයක් දනෙනෙත් නැතිවෙයි.

ඉතින් මට කියන්න ඕන උනේ මේකයි. අපි ගතවන හැම දිනයක්ම ඒ තමන්ගෙ අන්තිම දවස කියල හිතුවොත් ඒකෙන් සිද්ද වෙන්නෙ හොදක් මිස නරකක් නෙවෙයි.කවුරු හරි තමන්ගෙ මූනට පතුරු යන්න බනින්නත් ඉඩ තියෙනවා ඔය දවස ඇතුලත, ඒත් ඉතින් මොකටද අප්පා ක්‍රෝධය හිතේ තියාගෙන යන්නේ ඒක නිසා ඕක අල්ලලා දනවා කියල හිතන්න වෙනව, මොකද අන්තිම දවසනේ.

Advertisements