ලංගම බස් වල යන්න මිනිස්සු ප්‍රිය කරන හේතු කීපයක්ම තියෙනවා. ලොකුම හේතුව නම් පෞද්ගලික බස් වල සේවය කරන රියදුරු සහ කොන්දොස්තර ලගෙ තියෙන අවිනීත හැසිරීම. කොන්දොස්තරලගෙ වචන කනට හරිම අමිහිරියි කටුකයි. ඉතුරු සල්ලි දෙන්නෙ ඉල්ලුවොත් තමයි. රුපියලේ දෙකේ ඒව ඉතුරු සල්ලි ගනයට වැටෙන්නෙම නෑ.

අද මම ආපු බස් රථයට නැගපු මනුස්සයෙක්ට කොන්දොස්තර ටිකට් දීලත් නෑ ඉතුරු රුපියල දීලත් නෑ. ඉතින් මෙ මනුස්සයා කිව්ව මම මේ සම්බන්දයෙන් පමිනිලි කරනව කියල. කොන්දොස්තරගෙ උත්තරේ උනේ “තමුසෙ මට කොරයි…” කියල. ඉතින් ඕක තමයි බහුතරයක් බස් වල කතන්දරේ. මේ අයට බස් එකට නගින මිනිස්සු දිහා බැලෙන්නෙම 5 හේ කෑලි 10යෙ කෑලි විදිහටමයි. 5හේ කෑලි වලට බස් එකේ ලබෙන්නෙ අඩු සැලකිලි. බැරි වෙලාවත් කතා කලොත් වැරැද්දකට ඉවරයි. ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නැතිව තමයි අපි උදේට හවසට යන්නෙ එන්නෙ. ඇත්තටම මේකට විසදුමක් ඇත්තෙම නැද්ද?

ඇයි මෙහෙම උනේ…

මුදල් උඩින් තියාන ඉන්න සමාජයක දකින්නට ලබෙන අනර්ථකාරී ලක්ෂණ තමයි මේ. හැමෝම දුවන්නෙ මුදල් පස්සෙ. ඒ දුවන ගමන් මිනිස්කමත් අමතක කරගෙනම තමයි දුවන්නෙ. අනේ අපොයි කාලෙකින් අමාරුවෙන් ලබා ගත්ත මිනිසත් බවට ගිය කල දසාවක තරම.

අපෙ අම්මලා තාත්තලා කියල විදිහට නම් ඉස්සර මිනිස්සු මෙහෙම නෑ. එයාල ගුන යහපත් කම් ගැන හිතුවා, මම කියන දේට වඩා අපි කියන දේට ගොඩක් සැලකුවා,පොකුරු විදිහට තමයි ජීවත් උනේ.

රටක් විදිහට ජාතියක් විදිහට ගුනධර්ම අතින් මේ තරම් පහල යන්න හේතු උනේ කාගෙ තීරනද කියල හිතා ගන්න පුලුවනිද ?

Advertisements