මේ දවස්වල සති අන්තයේ දිවයින පත්තරේ එනකල් බලන් ඉන්නෙ රසවත් කතා ප්‍රවෘත්තියක් කියවන්න. ඒක තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මය ලියන “දුටුගැමුණු” කතාව. ඇත්තටම ඒක හරිම රසවත්. මම නම් හිතන්නේ ඔහු මේකෙ කතානායක වන ගාමිණී අභය ගැන හොද හැදෑරීමක් කරල තියෙන හැඩයි.

ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපිට ඉන්න වටිනා සම්පතක් කියලයි මට නම් හිතෙන්නේ. මිනිස්සුන්ගේ ඇතුලාන්තයට එබී බලීමේ අපූරු හැකියාවක් ඔහු සතුයි.මම ඔහුගෙ නිර්මාණ වලට ගොඩක් කෑදරයි. අපේ අතීතයට හානියක් නොකර වර්ථමානය හා බොහොම සුමටව ඔහුගෙ නිර්මාණ ගලාගෙන යනවා.

ගිය සතියේ නම් දුටුගැමුණු රජතුමා තමන්ගේ මලන්ඩිය වන තිස්ස කුමාරයාගෙ සේනාවට එලවා එලවා පහර දුන්නා.ඒකෙන් එළාර රජතුමාට තදින් රිදුනා. බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා…

Advertisements