යට ගිය දවස දඹදිව එක්තරා පුවරයක සහෝදරයන් තිදෙනෙක් වාසය කලා. මොවුන්ගේ ජීවිකාව බැදී තිබුනේ මී පැනි වෙළදාම ආශ්‍රය කරගෙනයි. සහෝදරයන් දෙදෙනකු කැලය පීරා මී පැනි සොයා ගොස් මී පැනි රැගෙන විත් බාල සහෝදරයාට බාරදුන්නේ වෙළදාම පිනිසයි.  දිනක් පසේ බුදුවරයෙක් තම පාත්‍රයද රැගෙන පිඩුසිගා වඩින අතර මෙම බාල සහෝදරයාගේ මී පැනි වෙළදාම් කල ස්ථානයටද වැඩි සේක.

  බාල සහෝදරයා පාත්‍රය පිරී ඉතිරී යනතෙක් මී පැනි වත් කරමින් එයින් අත් වන පිනෙන් මතු දඹදිව් තලයෙහි රජකම ප්‍රාර්ථනා කලේය.මේ දෙස මහත් ඕනකමකින් බලා සිටි තරුණියක් තමා පසු කරගෙන යන පසේ බුදුන්ගෙන් ඒ පිලිබදව විමසා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වන්නේදයි ඇසූ විට පසේ බුදුන්ගේ පිලිවදන වූයේ එය එසේම වන්නේය යන බවයි.  ඉන් පසු තරුණිය පසේ බුදුන්ට මදක් නතර වන බව පවසා තමාට එබදු දෙයක් පිදීමට නොමැති හෙයින් තමා ඇද සිටි වස්ත්‍ර සෝදා පිරිසිදු කර තමන් කොල අතුවලින් විලි වසාගෙන අර වස්ත්‍ර පසේ බුදුන්ට පූජා කර එයින් අත් වන පිනෙන් මතු දඹදිව් තලයෙහි රජවන අර තරුණයාගෙ අග මෙහෙසිය බවට පත් වේවායි ප්‍රාර්තනා කලේලු.

සවස් කල කැලයේ සිට පමිනි අනික් සහෝදරවරු මී පැනි වල ගනන් මිනුම් වල අඩුවක් ඇති බව දැන ඒ පිලිබදව තම බාල සහෝදරයාගෙන් විමසා බලා සිදුවූ දෙය දැන කෝපයෙන් එකෙකු “මට අහු උනානම් ඌ දඹදිව් තලයෙන් එහාට විසිකරල දානවා ” යැයිද අනෙකා “අනිවාර්යයෙන් ඌ පහත් කුලයක එකෙක් වෙන්න ඕන” යැයිද පැවසූ පසු බාල සහෝදරයා මෙසේ පවසුවේය. “මම ඒ මී පැනි දුන් දානයෙන් පින් අනුමොදන් කරගත්තා, ඔබලාත් එයින් පින් අනුමෝදන් කරගන්න”. එවිට අනික් දෙදෙනාද ඒ අනූව යමින් පින් අනුමෝදන් කරගත්තා.

දානයේ ආනිශංශ මෙසේය. බාල සහෝදරයා ධර්මාශෝක රජුය. ධර්මාශෝක රජතුමාට අග මෙහෙසිය වූයේ ඉහත කී තරුණියයි. ඉන්දියාවේ ඉපදීමට පින් මදිවී ලංකාවේ උපන් දෙවන පෑතිස් රජු නම් අර පසේ බුදුන් දඹදිව් තලයෙන් එහාට විසි කරනවා යැයි කියූ සහෝදරයාය. නීග්‍රොධ සාමනේර නම් පසේ බුදුන්ට පහත් කුලයේ එකෙකු යැයි පරිභව කල සහෝදරයාය.

මම මේ කතාව අහුවේ ගිය සතියේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය උන දොරමඩලාව වැඩසටහනෙන්. අත්තනායක එම් හේරත් මහත්තය තමයි මේ කතාව කිව්වෙ.

Advertisements