වගා කරන විදි ගොඩක් තියෙනවා. ඉන් එක බොහොම ප්‍රචලිත ක්‍රමයක් තමයි මේ ආරක්ෂිත ගෘහයක් තුල කරන වගාව. ඉස්සරවෙලාම අපිට සාමාන්‍ය අවබෝධයක් වත් තියෙන්න ඕන ඇයි අපි වගාව සදහා ආරක්ෂිත ගෘහයක් නැත්නම් ගොඩක් අය අහල තියෙන විදිහට නම් “ග්‍රීන් හවුස්” එකක් තෝරාගත යුත්තේ කියල. ගොඩක් දේවල්වලට වගේ මේ ක්‍රමයටත් වාසි සහ අවාසි යන දෙකම තියෙනවා. ඉතින් අපිම තමයි තීරණය කල යුත්තේ අපි මේ ක්‍රමයට වගාවක් කරනවද නැතිද යන වග. මම මේ ලිපි පෙලෙන් නම් කියන්න බලපොරොත්තු වෙන්නේ වගා කරන්න ආස කෙනෙක්ට ලංකාවෙදි කොහොමද මේ කියන තාක්ෂණය භාවිතයට ගන්න පුලුවන් කියන එක ගැනයි.  

මොකද්ද මේ ආරක්ෂිත ගෘහයක් (ග්‍රීන් හවුස් එකක්) කියන්නේ?  

පහත දැක්වෙන ලින්ක් එක ක්ලික් කරල ගියාම කරුනුවලින් බොහොම පොහොසත් ලිපියක් තියෙනව ග්‍රීන් හවුස් එකක් කියන්නේ මොකද්ද කියන එකට. වෙලාව තියෙනවනම් පොඩ්ඩක් ඒ ලිපිය කියවල බලන්න.  

http://en.wikipedia.org/wiki/Greenhouse  

ගොඩක් වෙලාවට ග්‍රීන් හවුස් එකක හදන්න ගන්නෙ එක්කො වීදුරු එහෙම නැත්තම් ප්ලාස්ටික්.හැබයි ඒක බොහොම වියදම් අධික ක්‍රමයක්. සමහර වෙලාවට ඔයාලට මතක ඇති පේරාදෙණිය උද්භිත උද්‍යානය ඇතුලෙ තියෙන ඕකිඩ් හවුස් එක.ඒක වීදුරුවලින් හදපු ග්‍රීන් හවුස් එකකට තියෙන හොද උදාහරණයක්.ඉස්සරවෙලා පින්තූරයක් බල ඉම්මු.  

වීදුරු භාවිතා කල ග්‍රීන් හවුස් එකක්

ප්ලාස්ටික් භාවිතා කල ග්‍රීන් හවුස් එකක්

පොලිතින් භවිතා කල ග්‍රීන් හවුස් එකක්

ඔය පේන්න තියෙන ග්‍රීන් හවුස් වලින් ලංකාවෙ නම් ගොඩක්ම ජනප්‍රිය එක තමයි පොලිතින් වලින් ආවරණය කරල හදපු ග්‍රීන් හවුස්. ඒක ජනප්‍රිය වෙන්න හෙතුත් තියෙනව. ලංකාව වගේ රටක අනෙක් ඒවාට සපේක්ෂව ගොඩක් අඩු වියදමින් සාදාගන්න තියෙන හැකියාව ප්‍රදාන දෙයක්. ඔය පෙන්නල තියෙන රූප තුනේ හැඩයන් ගත්තොත් තුන් ආකාරයක්. මේ වගේ විවිධ හැඩයන්ට ග්‍රීන් හවුස් නිර්මාණය කරනවා.

ආරක්ෂිත ගෘහයක් ඇතුලෙදි වෙන්නේ පිටතින් ගෘහය වෙත ලබෙන සූර්යාලෝකයෙන් ලැබෙන තාපය නැවත ගෘහයෙන් පිටතට යා නොදී රැකගන්න එකයි. සමස්ථයක් විදිහට ගත්තහම භාහිර පරිසරයට වඩා ආරක්ෂිත ගෘහය තුල උෂ්ණත්වය ඉහල අගයක් ගන්නවා. Green House Effect  කියල කියන්නෙත් මේ විදිහට උෂණත්වය ඉහල නගින එකටමයි.

මතු සම්බන්ධයි…

Advertisements