උදේම ඇහ ඇරුන වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකල් ම අපි කරන්නේ පරිභෝජනය කරන එකමනෙ. අපි එහෙම හිටපු ජාතියක් නම් නෙවෙයි. හැබයි කාලයාගේ ඇවෑමෙන් එහෙම සිද්ධ වෙලා තියෙනවා.
දැන් ජපානය චීනය වගේ රටවල් ගත්තම පරිභෝජනයට වඩා නිශ්පාදනයට යොමු උන ජාතීන් වෙලා. ඉතින් වෙනස ඇස් පනා පිටම පේනවනෙ. චීනය වගේ රටවල් වල නිශ්පාදනය නගරයෙන් ගමට ගිහිල්ල ඉවරයි. ලන්කාවෙත් ඒකට හොද උදාහරනයක් මම දැකල තියෙනවා. ඔය අපේ D S I කර්මාන්ත ශාලාව තියෙන්නේ ගාල්ලේ බටදූව කියන ගම අතුලේ. බහුතරයක් ගමෙ මිනිස්සු ඒ කර්මාන්ත ශාලාවේ නිශ්පාදනයට හවුල් වෙනවා ගෙදර ඉදන්ම.  හැම දෙයක්ම ඒ විදිහට කරන්න බැරි වෙන්න පුලුවනි. ඒත් පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.

නවසීලන්තයේ Fontera කියන කිරි නිශ්පාදනය කරන සමාගමේ අයිති කාරයො 10000ක් විතර ඉන්නවා. ඇත්තම කතාව තමයි කිරි නිශ්පාදනයට හවුල් වෙන කිරි ගොවියෝ සියල්ලන්ම වාගේ එම සමාගමේ කොටස් හිමියන්. බලන්න කොයි තරම් හොදද කියල. අපේ අයට එහෙම දේවල් කරන්න හිතෙන්නෙවත් නැත්තෙ ඇයි?

ලොකු දේවල් නෙවෙයි හදාගන්න තියෙන්නෙ. ඒක රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ හිත් ඇතුලට කිදා බැසිය යුතු එක්තරා ගුනයක්. ඒ කියන්නේ ආකල්පමය වෙනසක් තමයි ඕන කරන්නේ. පොඩි මිරිස් පැල කීපයක්,ගොටුකොල පදුරක් ගෙදර ඉන්දවාගෙන එකෙන් ලැබෙන ඵලය ගෙදර ආහාරයට එක්කර ගන්නවා කියන්නේ අන්න ඒ ගුනයට තමයි. එච්චර ලොකු දේවල් නෙවෙයි නේද? එහෙම පොඩි දේවල් හදා ගන්නේ නතිව කොහොමද ලොකු දේවල් කරන්නේ.

අපි දැනටමත් ගොඩක් පරක්කු වැඩියි. දැන්වත් ටික ටිකවත් නිශ්පාදනයට හවුල් වුනොත් හොදයි නේද?

Advertisements