මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මීනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
මේ කවිය අහපු ගමන් මගෙ හිතෙත් මැවිල පෙනුනෙ කිඹුල් පැටියෙක් තමයි. මේක උපහාසයට කියපු කවියක්.
ඉස්සර කාලෙ මාතර නිල්වලා ගග ගොඩක් යොදාගෙන තියෙනවා භාන්ඩ ප්‍රවාහනයට. ඉතින් ඔය මාතර හරියෙ හිටපු චන්ඩියෙක් ඔය ගගේ එහා මෙහා යන ඔරු පාරුවලින් කප්පං මුදලක් අරගෙන තියෙනවා. ඔය වැඩේට යොදවල තියෙන්නේ චන්ඩියගෙ පුතන්ඩියා. ඉතින් ඔය චන්ඩියටයි පුතන්ඩියටයි දෙන්නටම උපහාසයට කියපු කවියක් තමයි ඔය. වැඩේ කියන්නේ මේ කවියෙන් බොහොම සුන්දර විදිහට කරපු උපහාසයවත් චන්ඩින්ට තේරිලා නෑ. 
අද වගේම ඒ කාලෙත් චන්ඩින්ට හොදට නුවණ තිබිල තියෙනවා.  මේ කතාවත් මම ඇහුවේ අත්තනායක එම් හේරත් මහත්මයගෙන් දොරමඩලාව වැඩසටහනේදි.
Advertisements