මම හිතන විදිහට පූජ්‍ය අජාන් බ්‍රහ්මවම්සෝ හාමුදුරුවො ගැන අහල ඇති ගොඩක් අය. උන් වහන්සේ ලන්කාවටත් වැඩම කලා කීප වතාවක්ම.ඔස්ට්‍රෙලියාවෙ පර්ත් කියන නගරෙ තමයි උන් වහන්සෙගෙ පන්සල තියෙන්නේ.

මම උන් වහන්සේගෙන් දකින සුවිශේෂී ලක්ෂණය වෙන්නේ අමු අමුවේ දහම් කරුනු, සුත්‍ර දෙශනා නොකර එදිනෙදා ජීවිතයේ හමුවන සිද්ධීන් උපයෝගී කර ගනිමින් ධර්මය දෙශනා කිරීමයි.  අනිත් විශේෂත්වය වෙන්නේ මෙතුමා පූජ්‍ය අජාන් චා කියන අති විශිෂ්ඨ භාවනා ගුරුවරයගෙ ගෝලයෙක් වීම. කවුරු හරි කෙනෙක්ගෙ ගුරුවරයා හොද උන පලියට ගෝලයත් හොදයි කියල නම් කියන්න බෑ තමයි. ඒත් මෙතුමාගෙ තියෙන විශිෂ්ඨත්වය දැක්කම එථුමාගෙ ගුරුතුමා කව්ද කියල හොයන්න හිතෙනවා.

මෙන්න මේකයි මම මේ කියන පොත. සල්ලි දීල ගන්න ඕන නෑ google books වල මෙ පොත දාල තියෙනවා. ගිහිල්ල කියවලා බලන්න ආශාවක් තියෙනවනම්. අපි සංසාරෙත් කොට කරගන්න එපාය කොහොම කොහොම හරි. යනකොට දෙයක් අරන් යන්නත් එක්ක කියවලාම බලන්නකෝ 🙂

හැබැයි මේක ලියල තියෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන්.

Mindfullness Bliss and Beyond

Ven Ajhan brahmawamso

කෙනෙක්ට හිතෙන්නත් පුලුවනි සින්හලෙන් තෙරෙන්නේ නැති එකේ ඉංග්‍රීසි වලින් බුද්ධාගම ඉගෙන ගන්න එක විහිලිවක් නේද කියලත්.එත් කියවලා බලන්න ඒක සරලයි.

Advertisements