අද දවසේ දෙමව්පියන්ට මූන දෙන්න වෙන ප්‍රධා ප්‍රශ්නයක් තමයි ළමයව හොද ඉස්කෝලයකට දාගන්න එක.  මේ ලගදි මගෙ යාලුවෝ කට්ටියක් මේ ගැන කතා කරනවා. බලමු කතා උන දේවල්.

A: මම නම් මච්\ඔ මගෙ ලමයව දාන්නේ ගමේ ඉස්කෝලෙකට. ඌට නිදහෙසේ උගෙ පොඩි කලේ ගත කරන්න තියෙන්න ඕන.

B: එහෙම කරන්න එපා මච්ං දාපන් ඌව හොද ඉස්කෝලෙකට. මමනම් මගෙ පොඩි එකාව යවන්නේ අහවල් ලොකු ඉස්කෝලෙට.

A:මම ගියෙත් ගමේ ඉස්කොලෙට. මම ශිෂ්ෂ්‍ය්ත්වෙ පාස් උනාට පස්සේ තාත්තා මාව ටවුමේ අහවල් ඉස්කෝලෙට දැම්මා එකනම් ටිකක් ලොකු ඉස්කෝලයක්.අනිත් එක ගමේ ඉදන් විනාඩි 45ක් විතර යන්නේ බස් එකේ යන්නත්. ඊට පස්සේ  මම කැම්පස් සිලෙක්ට් උනා.

B: ඒක හරි මච්ං. ඒ උනාට අහවල් අහවල් කොම්පැණිවල වල වැඩ්ට ගන්නකොට මාර චාන්ස් එකක් තියෙනවා අහවල් ඉස්කෝලට ගිහිල්ල තියෙනවනම්.

A: එතකොට උඹ කියන්නේ ඔය කිව්ව කොම්පැණිවල වැඩට යන්න මම මගේ පොඩි එකා අහවල් ඉස්කෝලෙත කොහොමහරි දාන්න ඕන කියන එකද?

B: එහෙමම නෙවෙයි මචං කියන දේ තේරුම් ගනින්කෝ.

Advertisements