ජයසේන ජයකොඩි කියන ඒ අපූරු ලේඛකයා අවසන් හුස්ම පොද වා තලයට මුසු කලා කියන පුවත කන වැකුන සැනින් හදවත පුරා සියුම් වේදනාවක් වෙලා ගත්තා වගේ හැගීමක් දැනුනා.මම ඔහුගේ ලේඛන කලාවට බොහෝ සේ ඇලුම් කලා.
ලාංකීය ජන ජීවිතයේ ඇති සරල බව, ජීවිතයේ ඇති අනියත බව, දුක සතුට අතරෙහි නිබදව දෝලනය වන ජන ජීවිතය දෙස බෞද්ධ පදනමක පිහිටා හැසිර වූ ඔහුගේ ලේඛන කලාවට මෙරට බොහෝ පිරිසක් ඇලුම් කිරීම විමතියක් නොවෙයි.
අඹු දරුවෝ, අමා වැස්ස, ගෝතම ගීතය,පිච්චමල, අරලිය මල් ආරාමය, මහ මෙර, උපේඛා, පින්කෙත, සුදු නෙලුම, තෙර තරණය ඔහු අතින් ලියවුන පොත් සමහරක්.
මිනිසුන්ගේ හදවත් දිනා ගනිමින් ඔවුන් ආනන්දයෙන් ප්රඥාවට යොමු කල මේ සොදුරු මිනිසාට නිවන් සුව පසක් වේවායි ප්රාර්ථනා කරමි.
Jul 18, 2010 @ 15:27:03
ඔහුට අජරාමර නිවන් සුව
Jul 18, 2010 @ 21:50:31
මගෙත් කෑමතිම ලේඛකයෙක්.මම කියවපු මෙතුමාගේ හොදම පොත තමයි “අස්වෑන්න”.ඒ වගේම බෞද්ධ සමාජය පිළිබද ජයකොඩි මහතාගේ පොතුත් විශිෂ්ටයි.
Jul 18, 2010 @ 22:27:37
@බඹරා
මම තාම ඒ පොත කියවල නම් නෑ. අරගෙන කියවලාම බලමුකෝ.
Jul 19, 2010 @ 10:56:02
වටිනා සම්පතක් අහිමි වෙලා. නිහඬව සිය සේවය රටට කල මිනිස්සු. ගෝතම ගීතය පොතත් එතුමාගේ නේද? ඒ පොතේ තිබුනු වැකියක් මට තාම මතකයි. අර්ථය වශයෙන් ගත්තොත්,
‘ගැහැණු නම් එසේමය. කැමති පුරුෂයා ලංවන විට නොකැමති බව පල කරති. හුරති. කොනිත්තති. බැන වදිති. ඔහු එවිට ආ පසු හැරුනු පසු, හූල්ලති. දුක්වෙති. වැළපෙති. ගැහැණු නම් එසේමය’
Jul 24, 2010 @ 12:50:45
මගෙත් ප්රියතම ලේඛකයෙක් තමා ජයසේන ජයකොඩි මහත්තයා. මෙතුමා ලියපු පිච්ච මල නවකතා මාලාව මම ආසාවෙන් කියවපු එකක්.
එතුමාට නිවන් සුව !!!