අපි හැමෝටම වගේ තරහ එනව එදිනෙදා අපිට මුහුන දෙන්න වෙන සමහර කාරණා නිසා. තරහ එන්නේ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. එත් ප්‍රශ්ණේ තියෙන්නේ එතන නෙවෙයි තරහ ගොඩාක් දිග කාලයක් හිතේ තියාගන්න එක. තරහ ගොඩාක් කාලයක් හිතේ තියා ගන්න කොට ඒක ක්‍රෝධයක් බවට පෙරලෙනවා. ඒක නම් කොහොමටත් හොද දෙයක් නෙවෙයි.

අහල ඇතිනෙ සේරිවාණිජ කතාව. කොච්චර කාලයක් ඒ තරහ ක්‍රෝධයක් බවට පෙරලගෙන සංසාරය දිගේ ආවද කියන එක. ඒ නිසා තරහ ආවට කමක් නෑ ඉක්මනට එයාට ආපු පාර දිගේම යන්න දෙන එක හැමෝගෙම සෞඛ්‍යයට හොදයි නේද? තරහ එන එකත් එක පාරට නවත්වන්න අමාරුයිනේ. මොකද කවුද දන්නේ ඔය පුරුදු කවද කොහොම එකතු උන එව්වද කොච්චර කාලයක් පුරුදු පුහුණු කරපු දේවල් ද කියල. ඒක වෙනම කතා කල යුතු දෙයක්.

අනිත් එක ධම්මපදයෙත් තියෙනව ක්‍රෝධ වග්ග කියල වෙනම කාන්ඩයකුත්.

Advertisements