මම කාලයක් පරිඝණක පාසලක උපදේශකයෙක් විදිහට වැඩ කලා.  ඒ අතර ලැබුන විවේක කාලයක මම එක්තරා පරිඝනක ක්‍රීඩාවක යෙදෙමින් හිටියේ. එකේ තියෙන්නේ තුවක්කුයි බෝම්බයි අරගෙන ඉස්සරහට එන සතුරන්ට වෙඩි වරුසා එල්ල කරමින් ඉදිරියට යන්න. ටික වෙලාවක් ක්‍රීඩා කරන කොට දහ පහලොස් දෙනෙක් මරා දාන්න පුලුවන් උනා. තව ටික වෙලාවක් ක්‍රීඩා කරන කොට මරා දමන සීග්‍රතාව වැඩි කරමින් ඉදිරියට යන්න පුලුවන් උනා.

එක පාරටම ඇහුනා “මොනවද ඔය ආසාවෙන් පුරුදු කරන්නේ…” කියල.  බැලින්නම් අපේ ගුරුතුමා ටික වෙලාවක ඉදන් මම කරපු දේ නිරීක්ෂණය කරමින් ඉදල තියෙනවා. මම තෙරුම් ගත්ත මොකද්ද කිව්වේ කියලා. ඒත් එක්කම වස ලැජ්ජාවකුත් දැනුනා.

කෙනෙක්ට කියන්න පුලුවන් ඒක ක්‍රීඩාවක්නෙ කියලා. ඒත් ක්‍රීඩාවකට මුවා වෙලා අපි මොනවද මේ පුරුදු පුහුනු කරන්නේ?

Advertisements