ඔහු පිටියට පැමිනුන මුල් දවස වගේම අවසාන දවසත් මතකයේ තියෙනවා. මුරලි ටීම් එකට ආවෙ විරල දග පන්දු යවන්නකුගේ ප්‍රතිභාව විදහාලමින්. ආපසු ගියේ ක්‍රිකට් පිටියේ දැවන්තයෙක් විලසින්. ඔහු අපේ ක්‍රිකට් අඹරට පෑයූ සදක් උනා. අවසාන දවසෙත් මුරලිගේ පන්දු තෝරාගත නොහැකිව ක්‍රිකට් දැවන්තයින් මං මුලා උනා. ඒ ඔහු ආපසු ගියෙත් අති විශිෂ්ඨයකු ලෙස බවට ඔප්පු කලා.

ඔහු ගැන අනෙකුත් ක්‍රීඩකයන් පැවසූ දේ වලින් අපිට හැගී ගියේ මෙම අති විශිෂ්ඨයා තුල කෙතරම් නිරහංකර සරල සොදුරු මිනිසෙක් සැගව සිටියාද යන්නයි. එනිසාම ඔහු ඉතා විරල ගනයේ ක්‍රීඩකයෙක් ද උනා. ඔහු, අපි මෑත ඉතිහාසයේ ක්‍රීඩාව තුල දුටු හොදම Role Model එකක්.

මුරලි ඔබ අති විශිෂ්ඨයි…ඔබගේ සමු ගැනීමත් අති විශිෂ්ඨයි නොකියා කොහොමද…

Advertisements