ගොඩ දෙනෙක් හිතනවා සංස්කෘතිය කියන දේ නොවෙනස්ව තිබිය යුතුයි කියලා. ඒත් මම නම් හිතන්නේ සංස්කෘතිය කාලයත් සමග වෙනස් විය යුතුයි කියලා. එහෙත් වැදගත්ම දෙය තමයි එය වෙනස් විය යුතු යාන්ත්‍රනය හා වෙනස් කල යුත්තේ කවුරුන්ද යන වග. පහත දැක්වෙන්නේ මම මේ ලගදි අහපු කතාවක්. මේ කතාව ඕස්ට්‍රේලියාවට අදාල කතාවක්.

ඕස්ට්‍රේලියාවේ තාමත් ආදිවාසීන්ගෙන් පැවත ගෙන එන මිනිසුන් ජීවත් වෙනවා. සමහරු වෙනස් වෙලා නූතන විදිහට. බීමතින් රිය පදවපු තරුණයකු අතින් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි තවත් තරුණයෙක්ව ජීවිතක්ෂයට පත් උනා. විශේෂත්වය තමයි මොවුන් දෙදෙනාම ආදිවාසින්ගෙන් පැවත ගෙන එන පරම්පරා දෙකක් නියෝජනය කරන අය වීම. ඔවුන්ගේ සංස්කෘතියේ මෙයට දඩුවම වුනේ වැරදිකාර තරුණයාටද එම දඩුවමම ලබා දීම. ඒක ම්ලේච්ච ක්‍රියාවක් කියල පෙනුනත් ඒ ඔවුන්ගේ  සංස්කෘතිය.

ජීවිතක්ෂයට පත් වුන තරුණයාගේ අවමගුල් දින හරි අපූරු දෙයක් සිද්ධ උනා. ඒ තමයි ජීවිතක්ෂයට පත් වුන තරුණයාගේ පියා විසින් අර බීමතින් රිය පදවපු තරුණයාට සමාව ප්‍රදානය කිරීම. පියා විසින් එම තීරණය ගෙන තිබුනෙත් බොහෝ දුෂ්කරතා මැදයි මන්ද මීට පෙර කිසිම දිනක එවන් දෙයක් නොතිබූ නිසාත් එම තීරණයෙන් පසුව ඔවුන්ගේ පවුලට එම සංස්කෘතිය තුල හිමි තැන පිලිබදවද ප්‍රශ්නාර්ථයක් තිබූ නිසයි.

නමුත් එම තීරණයට ඔවුන්ගේ බොහෝ දෙනා ප්‍රශංසා කලා. චෝදනා කල අය නොසිටියාම නෙවෙයි. නමුත් එම තීරණය ඉතිහාස ගත වුනා. මෙවන් දෙයක් මීට පසු සිදු වුනොත් ඔවුන්ගේ ඉතිහාසය තුල මෙවන් වූ දෙත් සිදුවී ඇති බවට හා එයින් එම සංස්කෘතියේ අනාගතයද වෙනස් වෙන බව මෙය කදිම සාක්ෂියක්.

ඉතින් සංකෘතියක් වෙනස් විය යුත්තේ මේ ආකාරයට නේද කියල මටත් හිතුනා.

Advertisements