අපේ ගමේ ගෙදර ලගට අලුතෙන් කට්ටියක් පදිංචියට ආවා ගෙයක් හදාගෙන. අපේ ගෙදරත් වටේට තියෙන අනික් ගෙවල්වලත් වැටවල් තිබ්බට තාප්ප බැදල නම් නෑ.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අලුත් ගෙදරට තාප්පයක් තියෙනවා. මොකද ගමේ මිනිස්සුන්ට ඔය තාප්ප සංස්කෘතිය වැඩිය අල්ලන්නේ නෑ.
නගරේ නම් තාප්පයක් නැති ගෙදරක් හොයාගන්න අමාරු උනාට ගම් වල නම් ඕකේ අනික් පැත්ත.

මිනිස්සු බොහොම සමාජශීලී සත්ව කොඨ්ඨාශයක් නිසා ඔවුන් එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැනීමේ සහජ ආශාවකින් පෙලෙනවා.  සමාන අදහස් ඇති යම් පිරිසක් මැදට ඊට විරුද්ධ අදහසක් ඇති අයෙක් පැමිනුනාම ස්වභාවයෙන්ම ඊට විරුද්ධව යම් කිසි විභවයක් ගොඩ නැගෙන එක සාමාන්‍ය දෙයක්. එත් මෙහි යම්කිසි හිතන්නට යමක් තියෙනවා.

අපේ අතීතය ගත්තහම බොහෝ විට දකින්නට ලැබෙන පොදු දෙයක් තමයි රංචු විදිහට හැසිරෙන එක. මිනිසා කියන සත්ව වර්ගයා හැසිරීමට ප්‍රිය කරන විදිහ තමයි ඒ. අපේ ගම් පලාත් වල තාමත් මේ ලක්ෂණය දකින්නට ඉතිරි වෙලා තියෙනවා. එකම පව්ලේ අය බොහෝ විට ගේවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නේ එක ලග ගෙවල්වල.
ඒත් බටහිරයන් මේක උඩු යටිකුරු කරල ඔවුන් හදා ගත්ත ඔවුන් වත් හරි හැටි තේරුම නොදන්න පුද්ගලිකත්වය සහ නිදහස කියන සංකල්ප. එහි ප්‍රතිපලයක් විදිහට රංචු විදිහට වාසය කිරීමෙන් මිදිලා රන්චුවෙන් වෙන්ව වාසය කිරීම ආරම්භ කලා. එයින් ඔවුන්ට අහිමි වූ වටිනා කියන දේ බොහොමයි. දැන් ඔවුන් තනි තනිව ඔවුන්ගේ කුඩා කුටුම්භ තුල ජීවිතය ගෙන යනවා.

අවාසනාවක මහත…! අපිත් එහෙම වේගෙන යනවද? ඇයි නගරබද ගෙවල්වල හතර වටෙටම තාප්ප. ආරක්ෂාවටද විතරමද? නැත්තම් වටෙට ඉන්න මිනිස්සු එක්ක ගනු දෙනු කරන්න තියෙන අකැමැත්තද? තාප්ප අත්‍යාවශ්‍ය වෙලාවල් නැතිව නෙවෙයි. ඒත් මෙ බැදෙන ගොඩක්  තාප්පවලින් කියවෙන වෙන පනිවීඩයක් ගැන හිතෙන්නෙම නැත්ද?

ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම කරන්නන් වාලෙ හිතන්නේ බලන්නේ නැතිව තමනුත් ඒ දේම කරන එක. අපේ කිරි අම්මට ගෙදර නම් හතර වටේට හොදට පේන්න තියෙන්න ඕන. මොකද යන එන අයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. තොරතුරු දැනගන්න ඔය වගේ දේවල්වලට.   හදිස්සියට සිංහල බේතක් හොයන්න ආපුවාම කිරි අම්ම නම් කියන්නේ මේන්න මෙහෙමයි. අං කෙන්ද ගහක් තියෙනවා බංඩගේ වැට මායිමේ. නව හන්දි හොයන්න ඕන නම් යන්න වෙනවා විජේලගෙ ගෙදරට. උන්ගෙ ගේ අයිනේ වැටේ හොද නව හන්දි වලක් ගිහිල්ල තියෙනවා මම දැක්කා.

බලන්නකෝ එකෙත් හැටි…! අපි බටහිර නෙවෙයිනේ. අපි ආසියාතිකයෝ. ඉතින් ඇයි අපි අපේ විදිහත නොහිතා ඉන්නේ?

Advertisements