කාලෙකට පස්සේ හොද කෙටි කතා පොතක් කියවන්න ලැබුනා. මම හිතන්නේ මේ පොත ප්‍රසිද්ධ එකක්. ගුණදාස අමරසේකර මහතා විසින් රචිත ගල් පිළිමය සහ බොල් පිළිමය තමයි මේ මම කියන පොත. ගල් පිළිමය සහ බොල් පිළිමය කියන්නේ මේ පොතේ තියෙන එක කෙටි කතාවක් විතරයි. තව කෙටි කතා  4 ක් මේ පොතට ඇතුලත්.

වෛද්‍යවරයා සහ රෝගියා

විමලසිරි කවියා

ඇමතිගේ අස්වීම

හොරා පොලිස් නොහොත් සාහසිකයා ඇල්ලීම තමයි අනිත් කෙටි කතා පෙල.

මේ පොත කියවනවිට නිතැතින්ම මෙම සාහිත්‍යකරුවා සතු ප්‍රතිභාව මොනවට පැහැදිලි වෙනවා. නිද්‍රාගත ලාංකිකයන් අවදි කිරීමට නම් මෙවන් නිර්මාණකරුවන් බොහෝ පහල විය යුතුයි.

ගල් පිලිමය සහ බොල් පිලිමය වගේම අනිත් කතා කිහිපයත් එකකට එකක් දෙවනි නෑ. මේව ලියවිලා තියෙන්නේ 88 වසර අග වගේ කාල වකවානුවක. කුමන අයුරකින් සසදා බැලුවත් එදාට වගේම අදටත් මේ කතාවලින් උලුප්පන සිද්ධි දාමයන් සහ හරයන් අතිශය වැදගත්. අද වන විට අප සමාජය එක සිතින්ම බොල් පිලිම පසුපස යන ඒවාට වැදුම් පිදුම් කරන තත්වයට පත්ව අවසන්. ගල් පිලිම අප අතරම තිබුනත් ඒ බව නොදන්නා  තරමට ජාතිය වෙලාගත් අවාසනාවක මහත!

Advertisements