නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැහිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ…

මේ අදහස ගැලපෙන බොහෝ බිරින්දෑවරුන් අපෙ සමාජයෙන් හොයාගන්න පුලුවන්. අම්ම කෙනෙක්ට තමන්ගෙ දරුවා ගැන තියෙන ආදරය මේ වගෙයි. ඒක මහ පුදුම ආදරයක්. අපි හැමෝම වගේ ඒ ආදරය විදල තියෙනවා. එක වෙලාවකට හිතෙනවා සැබෑ ආදරය සෙනෙහස හොයාගෙන ගියාම නතර වෙන්න වෙන්නේ අම්ම ලග විතරක්මද කියලා. ඒ තරමටම එය නිසසලයි, ගැඹුරුයි. ලෝකෙන් මොන දුක් කම් කටොලු නින්දා පරිභව ආවත් එදාට අම්මල ඒ දේවල් තුට්ටුවකටවත් මායිම් නොකර තමන්ගෙ දරුවව බොහොම ආදරෙන්  තුරුලු කරගන්නවා. නීති රීති වලින් තොර ආදරයක්….(An Unconditional Love)

ඒත් ඇයි මෙතන මේ බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ කියල කියන්නේ? යෝධ ඇලේ මතුපිටින් වතුර ගලන්නේ නෑ වගේ පෙනුනට ඇල ගැඹුරට ගියාම ඉතා වේගයෙන් වතුර ගලාගෙන යනවා. ඉතින් සමහර බිරින්දෑවරුනුත් එහෙමයි කියල නේද මේ පද පේලියෙන් කියවෙන්නේ?