ආචාර්ය රේ විජේවර්ධන කියන අති විශිෂ්ඨ ශ්‍රී ලාංකික විද්වතා පහු ගිය අගෝස්තු මාසේ 18 වෙනිදා අවුරුදු 86 ක් ආයු වින්දනය කරල ආපහු යන්න ගියා. මම මේ ලගදි කොලඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිය ගමන් එක දෙයකට විශේෂයෙන් ඇහ ගියා. ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුව. මම එකේ පින්තූරයකුත් ගත්තා. තාමත් අපේ ගෙදරත් මේ වගෙ එකක් පාවිච්චි කරනවා. මේක දැකපු ගමන් මට මතක් උනේ ආචාර්ය රේ විජේවර්ධනයන්. එතුමා ජීවත්ව සිටි කාලයේ කීප වරක්ම දොරමඩලාව වැඩ සටහනට ගොඩ උනා අපේ පැරැණි ලාංකිකයන්ගෙ විශ්මිත ඉංජිනේරු ශිල්පය ගැන කථා කරන්න.

එහෙම එන ගමන් එතුමා නොවැරැදීම අරගෙන එන එක දෙයක් තිබුනා. ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුව. ඇත්තටම ඇයි එතුමා ඒක අරගෙන ආවෙ? ඉංජිනේරු ශිල්පයේ වගේම වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම මුහුකුරා දැනුමකින් සන්නද්ධ උන, වඩා ප්‍රායෝගික නිර්මාණ බිහිකල පුද්ගලෙකුට එහි තිබෙන සුවිශේෂත්වය අතැඹුලක් සේ වැටහීම අරුමයක් නොවන නිසා නිසා වෙන්න ඇති.

මේ තමයි එතුමා කතා කල අපේ පිට්ටු බම්බුව

ලාංකීය පිට්ටු බම්බුව

ලාංකීය පිට්ටු බම්බුව

ගත්ත පින්තූරය නම් ටිකක් පැහදිලි මදි තමයි ඒත් කාරණාවට මේක සෑහෙනව කියල හිතෙනවා.

ගොඩක් අය දන්නවා ඕක පාවිච්චි කරන විදිහ.වතුර උනු කරපු මුට්ටියක කට උඩින් ඔය පිට්ටු බම්බුව තිබ්බම හොදට පිට්ටු බම්බුව සහ මුට්ටියේ කට ජල වාෂ්ප කාන්දු වෙන්නේ වෙන්නේ නැති විදිහට හොදින් සංවෘත (සීල්) වෙනවා. එහෙම වෙන්නේ ඔය බම්බුව වටෙට ඔතල තියෙන රෙදි පොට්ටනිය නිසයි.ඔය උන බටය වටේට තව දුරටත් කොහු ලණුවකින් ඔතල තියෙනවා උඩට යනකල් වටෙටම. පිට්ටු බම්බුව පාවිච්චි කරන්න කලින් වතුරෙ ඔබල තමයි ගන්නේ. තවත් කාරණයක් තමයි උන බටය තාපය සන්නයනය කරන්නේ බොහොම අඩුවෙන්. ඔය හැම කාරණාවක්ම සලකා බලපුවහම වාෂ්ප මගින් නිපදවෙන තාපය උපරිම ලෙස භාවිතයට ගනිමින් ඉතා අවම තාප හානියක් සහිතව පාවිච්චි කරන්න පුලුවන් උපකරණයක් තමයි මේක.

මෙහි ඇති විශිෂ්ඨ බව තේරෙන්නේ අද මේ වෙනුවට පාවිච්චි කරන අනෙක් පිට්ටු බම්බු දිහා බලපුවහමයි.

මේ ලාංකීය තාක්ෂනයෙහි ඇති අරුමයයි…

Advertisements