ඒබරං අයියේ පන්සල පැත්තේ යන්නේ නැතෙයි හවස් ජාමේ?
ආ අප්පුහාමි මලේ, ඕං අපෙ උන්දත් ගියා හතර පස් දෙනත් එක්ක. මාත් ලං කරන්නංකො රෑ ජාමෙ හුලු අතු දෙකකුත් ඇන්න.
එහෙනම් ඕං මං ගියා. අද තියෙන්නේ වෙස්සන්තර ජාතකේලු. පය ඉක්මන් කලේ නැත්තම් රූකඩ බලලා හමාරයි. ඹඹරෙ ඇවිස්සුනා වගේ සෙනග එතන ඕං

රූකඩ - කොලඹ කෞතුකාගාරය

රූකඩ - කොලඹ කෞතුකාගාරය

ගමේ ඔක්කොමත් එක්ක රූකඩ බැලුව හැටි සිහි වෙනවා ඒ සංධියේ. මට මතකයි දවසක් පෙන්නුවේ වෙස්සන්තර ජාතකය. ඊට කලින් අර කෝලම් කාරයෝ ටිකක් ඇවිල්ලා පුදුම නැටිල්ලක්නෙ නටන්නේ. ඔහොම නටන කොට එක නැට්ටුවෙක් රූකඩ කාමරෙන් එලියට වෙලාත් නටනවා ගොඩාක් වෙලා. ටිකක් වෙලා යනකොට කව්දෝ හදිස්සියේ දුවල ඇවිල්ල මොක්ද්දෝ කරල අයෙත් ගියා හොරෙන්ම. බැලින්නම් රූකඩය එලියට විසි උන පාර අයිනෙ තිබුන කීරක නූල පැටලිලා ඇතුලට ගන්න බැරුව තමයි ඉදල තියෙන්නේ 🙂

හැබයි සෙසම් ස්ට්‍රීට් වැඩ සටහනත් අගය කරන්න ඕන. පුංචි පැංචෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම දැක්කා ජාතික රූපවාහිනියේ අයෙමත් විකාශනය වෙනවා මේ දවස්වල.

ඒත් සෙසම් ස්ට්‍රීට් ඉංග්‍රීසියෙන් යන එකක්නේ. අපේ පැංචන්ට දේවල් කියල දෙන්න ඕන අපේ සංස්කෘතියෙ විදිහට. මොකද අපි ලාංකිකයොනේ. ඉංග්‍රීසි කාරයෝ නෙවෙයි නේ. නැත්තම් උනුත් බටහිරටම ආවඩන පරම්පරාවක් වෙයි මයෙ හිතේ.

අර මොකද්ද වෙලද දැන්වීමක් යන්නේ ආච්චි අම්ම කෙනෙක් තමන්ගේ මුනුඹුරත් එක්ක. “ඊට පස්සේ සුපර් මෑනුයි, බැට් මෑනුයි… ” කියල. උන් දන්නෙම නෑනෙ අපේ මද්දුම බන්ඩාර වගේ රටක් හොල්ලපු වීර කොල්ලෝ ගැන.
මේවට නම් බනින්නමයි හිතෙන්නේ…

Advertisements