මගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා අවුරුදු 6ක් විතර වෙන. පොඩි කාලෙ ඉදලම බලන්නෙම අර “රෙස්ලින්” කියන එව්වා. අත කරකවලා බිම දානවා, වැට උඩ ඉදන් ඇගට පනිනවා, උස්සලා බිම අත අරිනවා, ඒ මදිවට තව අතට අහු වෙන අහු වෙන ඒවගෙන් දමලත් ගහනවා. ඔය වගේ මිනිහෙක් තවත් මිනිහෙකුට කරන්න පුලුවන් ගොඩක් අසම්මත යැයි සම්මත විදිහට ගහ ගන්නවා.දුක හිතෙන්නේ ඒ දේවල් වලට නෙවෙයි උගෙ තාත්තත් ඌට එකක් බලපුවාම තව අලුත් එකක් ගෙනත් දෙන එකට.

picture from this url

මම ඇහුවා ඇයි ඉතින් ඔව්ව ගෙනත් දෙන්නෙ අර අපූරු සුරංගනා කතන්දර, පොඩි ලමයින්ට හදපු හොද චිත්‍රපටි ඕන තරම් තියෙන්නේ කියල. එතකොට මට හම්බ උනේ මෙන්න මේ බූරු උත්තරෙනෙ. ඌ කැමති රෙස්ලින් වලටලු. ඉතින් ඌ කැමති දෙයක් ගිහින් දෙන්න එපාය කියපි. මෙහෙම එව්ව අහන කොට මට නම් අර මේ දවස් වල කියන්නෙ ඇඩෙනවා කියලා. අන්න එහෙම ඇඩෙනවා. 😦  මොකද දන්නවද? ඇත්තටම ජෝන් සීනා අපේ පොඩි උන්ගෙයි ලොකු උන්ගෙයි ඔලුගෙඩි වලට නොසෑහෙන්න ගහලා.

මට නම් හිතෙන විදිහට පොඩි උන්ට විතරක් නෙවෙයි අපෙ සමාජේ අපිත් එක්ක ජීවත් වෙන එක කොටසකට රෙස්ලින් වලින් පුදුම සතුටක් ලැබෙනවා. භාවිතෝ බහුලී කතෝ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවනේ. ඉතින් ඕය වගේ දේවල් බහුලව පුරුදු පුහුනු කරන කොට අපටත් නොදැනීම අපේ හිත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර වගේ මිනිහෙක්ට අමානුෂිකව පහර දෙන එකේ අප්සෙට් එකක් පෙනෙන්නේ නැතිව යනවා. ඒක හරිම අප්සෙට් වැඩක්.

මම හිතන්නේ ගොඩක් අය දැකලා ඇතිනේ ඔය ටීවී විකුනන්න තියෙන තැන්වල මැච් එකක් නැති දවස්වලට දාල තියෙන්නේ රෙස්ලින් සහ ඒක ඉස්සරහට වෙලා කට අරගෙන ගිලින්න වගේ බලාගෙන ඉන්න අපේ අනාගත පරම්පරාව.රෙස්ලින් කියන්නේ entertainment game එකක් උනාට මට නම් ඒකෙන් තාම ඒ කියන ඊනියා විනෝදාස්වාදය තාම ලැබිලා නෑ. අනේ මංද අපි හිතන විදිහේ අප්සෙට් එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.  😦

Advertisements