කළු කියවන්නට ලැබුනා. මුලින්ම නම් මට ටිකක් විතර කම්මැලි හිතුනා.ඒත් දිගටම කියවාගෙන ගියා. පොත මැදදි විතර තමයි මට මා කියමින් ඉන්නා චරිතයේ හැඩය හොයාගන්න හැකි උනේ. මම මේ කතා පොත ගත්තේ මෙදා පාර ස්වර්ණ පුස්ථකයක් විදිහට නිර්දේශ වුන නිසා
නිසා නෙවෙයි. කළු මොන පාටද කියල බලන්න ආස හිතුන නිසා.

ඇය විසින් මීට පෙර රචිත එකදු පොතක් වත් කියවා නැතිමුත්( දෙහි සහ මැටි ) කළු කියවීමෙන් ඇය තුල ජීවත් වන කතුවරියගේ ප්‍රභාව මා දුටුවා. මා කතාව කෙටියෙන්වත් ඔබ හමුවේ  තබන්න අකමැතියි මන්ද එය කියවා ඔබම විද ගත යුතු දෙයක් නිසා.  බුදුන් විසින් වදාල ලෙස වෛරය වෛරයෙන් දමනය කල නොහැකි සේ අදුරද අදුරෙන් පලවා හැරිය නොහැකි බැව් ඈ මනාව පෙන්වා දී තිබෙනවා.

එදිනෙදා සමාජයේදී අප නෙත ගැටෙනා බොහෝ මිනිසුන්ගේ අප දන්නා වපසරිය ඉතා පටු බැව් මට නම් දැනෙන හැගෙන දෙයක්. මානසික ව්‍යාධියකින් (අප සිතනා පරිදි, අපට දැනෙන පරිදි, බොහෝ අය නිගමනය කරනා පරිදි ) පෙලෙන්නවුන් උදෙසා අප ජීවත් වන සමාජය කොතරම් දුරට ඔහුගේ එම ව්‍යාධිය සුවයක් කරා යාමේදී ක්‍රියා කරන්නේ මොන තරම් අනුකම්පා විරහිත, බුද්ධි හීන, අසතුටුදායක අයුරකින්දැයි පවසන්නට ඈ උත්සාහ දරනවා. එය ඉතා සියුම් ඉතාමත්ම සියුම්ව කල යුතු කෙතරම් දුෂ්කර කර්යයක්ද යන වගට මේ පුස්තකය කදිම නිදසුනක් යැයි මා සිතනවා. කළු ස්වර්ණ පුස්ථකයක් සදහා නිර්දේශිත කර එයට ආලොකයක් ලබා දීම ඉතා උචිත යැයි මටද හැගෙන කරුණක්.

ඔබටද ඔබ ඔවුන් දෙස බලනා අයුරු “පිස්සා/පිස්සිය” යන වචනය ඔබ යොදා ගන්නා අයුරු සමග විමසා බලන්න පුලුවනි. කියවන්න හොද පොතක්.

http://www.dailynews.lk/2010/09/15/art07.asp

Advertisements