ගිය සෙනසුරාදා ජැක්ස්න් ඇන්තනි මහත්මයා ඇතුලු පිරිස විසින් ඉදිරිපත් කල මහා සංචාරයේ තවත් එක කොටසක් නැරඹුවා ජාතික රූපවාහිනියේ. එදා පෙන්නුවා පැරැණි ලන්දේසි සමයේ ඉදිකල විශාල ගොඩනැගිල්ලක ඉදිරිපස තාප්පයෙහි කොනක ඉදිකල තරමක් විශාල පරවි කූඩුවක්. මෙයින් හෙලිවෙනවා ඒ සමයෙත් පරවින් ලවා සංදේශ එහා මෙහා ගෙන ගිය බව. මට නම් මෙය එක්තරා අන්දමක ගැටලුවක් වෙලයි තිබුනේ මොකද කොහොමද පරවියෙක් තමන්ගෙ ගමනන්තය නිවරදිව හොයාගන්නේ කියන එක ගැන.

අද මම ඔය කියන කාරණය මගෙ යලුවෙක්ගෙන් විමසුවා. ඔහු දුන්නේ මෙන්න මේ පිලිතුර. “අපි හිතමු සුනිල්ගේ සහ කමල්ගේ ගෙවල් දෙක අතර පරවියන් මගින් පණිවිඩ ගෙනයන්න ඕන කියල. අපි හිතමු කමල්ගේ ගෙදර පරවියන් ඇති කරනවයි කියලා. දැන් සුනිල් කරන්නේ කමල්ගෙ පරවියෙක් අරගෙන තමන්ගෙ ගෙදරට ගිහිල්ල පණිවිඩය කකුල්වල හරි කොහෙ හරි ගැට ගහල පරවියා අත අරින එකයි. දැන් පරවියා තමන් වාසය කල ගේ හොයාගෙන පියාඹනවා එච්චරයි.”කාරණය ඇත්ත වුනත් නැතත් ඒක වෙන්න ඇති ක්‍රමය කියල මටත් හිතුනා 🙂
ඔය අතර රසබර කථාත් තියෙනවා. එක රජ කෙනෙක් තමන්ගෙ මිත්‍ර රජ කෙනෙක්ට පනිවිඩයක් එව්වලු පරවියෙක් අතේ. ඒත් බැලින්නම් පරවියා අතේ සංදේශය නැතිලු. ඊට පස්සෙ මේ රජතුමා ඒ ගමන්ම තමන් ලග හිටපු පරවියෙක් ගෙ අතේ යවනවා පනිවිඩයක් “මොකද්ද එවපු පණිවිඩේ කියල”. ඊට පස්සේ අනික් රජතුමා තවත් පරවියෙක් අතේ පණිවිඩයක් එවනවලු “විශේෂ යමක් නෙවේ මම මේ miss call එකක් ගහල බැලුවේ කියල.” 🙂

Advertisements