පිදුරු ගසක විප්ලවය – ජපන් ජාතික ෆුකුයාකෝ

Leave a comment


අද ලෝකයේ බොහෝ දෙනෙකු පරිසර හිතකාමී කෘෂිකර්මයක් ගැන කතා කරන යුගයක්. මෙහි කතානායකයා ජපන් ජාතික ෆුකුයාකෝ නම් පරිසරහිතකාමී වගාවට ඇලුම් කල මිනිසෙක්. කෘෂිකර්මයෙහි සැබෑ වෙනසක් ඇතිකරන්නට සමත් උන තවත් අගනා මිනිසෙක්. පිදුරු  ගසක විප්ලවය නමින් පොතක් නිකුත් වී අති බව දැනගන්නට ලැබුනත් මට මේ තක් එම පොත සොය ගත හැකි වූයේ නැත. නමුත් එහි ඉංග්‍රීසි පිටපත නම් සොය ගත හැකි උනා. පහත දැක්වෙන්නේ එම සබැදුමයි.

මොහොතකට අපි ඔහුව කියවමු.

පිදුරු ගසක විප්ලවය

පහත දැක්වෙන්නේ එම පොත ඇසුරෙන් නිපදවූ වාර්තාමය වැඩසටහනෙහි සබැදුමයි

පිදුරු ගසක විප්ලවය 1

පිදුරු ගසක විප්ලවය 2

Organic Farming as it’s best by Masanobu Fukuoka

Leave a comment


When you hear the book titled  “One Straw Revolution” naturally the name Masanobu Fukuoka comes to mind. He was a great man in the field of organic farming or natural farming techniques.  I don’t think most of the Sri lankan farmers familiar his names or even his methods.  But he is a great resource to our people too who are keen on organic farming.

Here are some links which may be very helpful.

One Straw Revolution

Vedios

One Straw Revolution Part 1

One Straw Revolution Part 2

 

 

 

 

“One Straw Revolution” written by Masanobu Fukuoka. /concerning his methods of natural farming which has been highly influential with various organic farming and natural food and lifestyle movements

කුරුළු පාලුව

Leave a comment


උදෙන්ම බුකු බුකු කියල සද්දයක් ඇවිල්ල වෙනදට වඩා ටිකක් කලින් අවදි උනා.බැලින්නම් වදුරු රංචුවක් වෙනදට වඩා ටිකක් උදෙන්ම ගෙදර පිටි පස්සේ තියෙන වත්තේ පොල් ගස් ටික ආක්‍රමණය කරල. මිනිස්සු අවදි වෙන්න කලින් වැඩේ පටන් ගත්තම අඩු ගානෙ එක කුරුම්බ ගෙඩියක් හරි වැඩිපුර බොන්න පුලුවනිනෙ කියල උන්ටත් හිතිල වෙන්න ඇති. 

මේ වගේ සත්තු අපි එච්චර හිතුවේ නැති උනාට පුදුම වෙහෙසක් ගන්නවා කෑමක් බීමක් හොයාගන්න. කැලෑ එලිවෙන සීග්‍රතාවයට සමානුපාතිකවම වගේ උන්ට උන්ගේ වාසස්ථාන අහිමි වෙලා යනවා. කෑම බීම හොයාගන්නවටත් වඩා දැන් ඉන්ට හිටින්ට හරිහමන් තැනක් හොයාගන්න එකත් උන්ට ලොකු ප්‍රශ්ණයක් වෙලා හමාරයි.

අනේ මංද මිනිස්සු කියන ජාතිය පුදුම විදිහට ආත්මාර්ථකාමී වෙලා කියල මට හැගෙනවා. දිනෙන් දින අපි සතු වටිනා කියන ගුණ ධර්ම හෝදා පාලු වෙලා යනවා. අපේ පරම්පරා කීපයකට පෙර ජීවත් උන අයයි අපියි ගත්තම පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා ගුණ ධර්ම පැත්තෙන් ගත්තොත්.අපි හිතන පතන විදිහ වෙනස් වේගෙන යනවා කියලා අපිට තිබ්බ අනන්‍යතාවය නැති වෙලා යනවා කියල ඇස් පනාපිට පේනවා. වැඩිය ඕනේ නෑ මීට ටික කාලයකට ඉස්සර ගමක් ගත්තම කැලෑ බද පෙදෙසක් වෙනම වෙන් කරල තිබ්බ සත්තුන්ට. “බැද්ද” කියල කිව්වේ අපි. ඔය දර ටිකක් එහෙම හොයා ගන්න බෙහෙතක් හේතක් හොයාගන්න ඕන උනාම මිනිස්සු ඔය බැද්දට රිංගලා එනවා. කවුරුත් දැනගෙන හිටියා ඒකෙ තියෙන වැදගත් කම. ඉතින් මට උදේම මතක් උනා අපේ කුරුළු පාලුව.

කුරුළු පාලුව කිව්වේ කුඹුරු යායේ තිබ්බ එක ලියද්දකට.එකේ තිබ්බ විශේෂත්වය තමයි ඒ ලියද්ද වෙන් කරල තිබ්බේ කුරුල්ලන්ට වීම. ගමේ කීප දෙනෙක් තමන්ගෙ කුඹුරු කරන ගමන් මේ ලියද්දෙත් ගොයම් හදනවා. හැබැයි ගොයම් කපනකොට ඒක අත අරිනවා. අනිත් එක ගොයම් කපල කරල් එකතු කලාට පස්සේ ඔය මග ඇරිල තියෙන කරල් ගොඩක් වෙලාවට එකතු කරන්නේ නෑ. ඒවත් කුරුල්ලන්ට තමයි.

 පේනව නේද අප සතුව පැවති ඒ චින්තනය මොන තරම් වටින එකක්ද කියල.

සාර භූමි (The Good Earth)

7 Comments


මම කුඩා සන්දියේ මේ පොතේ පරිච්චේද කීපයක් කියවල තිබුනා. මෙ ලගදි මම අයෙත් වතාවක් මුලු පොතම කියෙව්වා. The Good Earth කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය තමයි “සාරභූමි” නමින් පරිවතනය කරලා තියෙන්නේ.  පරිවර්තනය කරල තියෙන්නේ නම් ඌරාපොල හේමාලෝක හිමි සහ හේමපාල විජයවර්ධන කියන අයයි.නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියූ මේ පොත ලියල තියෙන්නේ නම් පර්ල් එස් බක් කියන ඇමෙරිකානු ලෙඛිකාවයි.

මිනිසකු සතුව තිබිය යුතු නොසලෙන ධෛර්යය සහ තමා නොදත් දෙයකට වඩා හොදින් දන්නා අදුරන ගොවිතැනට ඇලුම් කර ජීවිතය ජයගන්නා වං ලුං නැමති චීන ගොවියකුගේ සහ ඔහුගේ ඇඹේනිය වන ඕ ලෑං ගේ ජීවිතය දහසක් බාධක කම්කටොලු මැදින් ගලාගෙන යන අයුරු මෙම කථාවෙන් පිලිඹිඹු වෙනවා. 

මිනිසකුගේ අත ගැවසෙන මුදල් හදල් ප්‍රමාණය ඉහල යනවිට ඒ හා සමගාමීව ඔහුගේ අවශ්‍යතා ඉහල යන අයුරු සහ ඔහුගේ සමාජ තත්වය ක්‍රම ක්‍රමයෙන් උසස් යැයි සම්මත තලයකට විකාශනය වන අයුරුත් එම සමාජ තලය දෙස උපහාසය මුසු වූ හා වඩා ප්‍රායෝගික ලෙස කරන අධ්‍යයනකුත් මෙහි අන්තර්ගතයි.

සමස්තයක් ලෙස 1950 දශකයට පෙර චීනයේ පැවති ගොවිතැන කෙන්ද්‍රීය කරගත් චීන ජන ජීවිතය හා නාගරික ජීවිතය ගැන මෙයින් කතා බහට ලක් වෙනවා. නමුත් වඩා වැදගත්ම දෙය නම් රටට බත සපයන ආසියාතික කලාපයේ ගොවි ජනතාව එදා මෙන්ම අදටත් ගත කරනා දුක්ඛිත ජීවිතයෙහි සැලකිය යුතු තරමේ වෙනසක් සිද්ධ වී නොමති බව අපට පසක් වීමයි. එය ඉතා ඛේදජනක තත්වයක්.

අප රටෙහිත් 1950 දශකය පසුවී තවත් දශක හයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් පවසනා ඊනියා සංවර්ධනයේ අරුණලු පවා නොලැබූ ගොවි ගම් නියම් ගම් කීයක් නම් තවමත් ඇස් දල්වා බලා සිටිත්ද?

ආරක්ෂිත ගෘහයක් (ග්‍රීන් හවුස් එකක්) තුල වගාව – 02

Leave a comment


අද වනවිට ආරක්ෂිත ගෘහයන් තුල වගා කිරීම ගොඩක් දියුණු වෙලා.මම දැකලා තියෙනවා සමහර ග්‍රීන් හවුස්වල Fans සවි කරලා තියෙනවා උස්ණත්වය පාලනය කිරීමට, තව  සමහරක් එව්වගෙ උෂ්ණත්වමාන සවිකරල තියෙනවා. උෂ්ණත්වය ඉහල ගිය ගමන් ඉබේ ක්‍රියා කරන ජලය විසුරුවන පද්ධති පවා සවි කරල තියෙන ග්‍රීන් හවුස් පවා ලංකාවෙදි දැක ගන්න පුලුවනි. ඒ දේවල් ගැන වෙනම කතා කරන්න පුලුවනි.

ආරක්ෂිත ගෘහයක් තුල වගා කිරීමේදී ඇති වාසි

  1. වසර පුරාම වගා කල හැකි වීම. – අපි දන්න දෙයක් තමයි සමහර බෝග වගා කල හැක්කේ වසරේ තෝරාගත් කාල සීමාවලදී පමණයි. සමහර බෝගවලට අධික උෂ්ණත්වය දරාගන්න බෑ, තව සමහර එව්වට ශීතලට ඔරොත්තු දෙන්න බෑ,තවත් එව්වට වර්ෂාවෙන් හානි, ඔය වගේ දේවල්. ග්‍රීන් හවුස් එකක් ඇතුලෙදි අපිට උෂ්ණත්වය අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුලුවන් නිසා වසර පුරාම වගාවේ යෙදෙන්න පුලුවනි.
  2. කෘමීන්ගෙන් එලවලු පලතුරුවලට වන හානිය ඉතා අවම වීම – මෙය ආරක්ෂිත ගෘහයක් නිසා එලිමහනේ වගා කරන භෝගවලට මෙන් කෘමීන්ගෙන් හානියක් වන්නේ නෑ. මොකද ඔවුන්ට ගෘහය තුලට ඒමට ඇති සියලුම මාර්ග අවහිර කරලයි තියෙන්නේ.
  3. කෘමිනාශක භාවිතය අවම කර ගත හැකි වීම – ඉහත කාරණය නිසා
  4. කෘමිනාශක වලින් උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි වීම – මෙය සංවෘත පද්ධතියක් නිසා එලි මහනේ මෙන් කෘමිනාශක බොහෝ ප්‍රමානයක් භාවිතා කල යුතු වන්නේ නෑ. කුඩා ප්‍රමාණයකින් උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුලුවනි.
  5. ඉතා නිවැරදිව ශාක වර්දනයට අවශ්‍ය සංඝඨක ලබා දිය හැකි වීම – අපි දන්න දෙයක් තමයි එලි මහනේ වගාවක් කරන කොට යොදන පොහොරවලින් ගොඩක් ප්‍රයොජනයක් නැතිවම පසට උරා ගන්නවා, වතුර උනත් එහෙමයි.
  6. භෝග අස්වැන්න නියමිත කලසීමාවල නෙලාගත හැකිවීම – විශේෂයන් අපනයනය සදහා භෝග වගා කරනා විටදී නියමිත කාල වකවානු වල අස්වනු නෙලීම ඉතා අත්‍යාවශ්‍ය කරුනකි.
  7. එලවලු සහ පළතුරු වල තත්වය ඉතා උසස් වීම – ගෘහය තුල වගා කරන භෝග වල අස්වැන්න ඒකාකාරී සහ ඉතා  උසස් තත්වයෙන් පැවතීම වෙළදපල ජය ගැනීමට ප්‍රධාන හේතුවකි. පාලිත තත්ව යටතේ වගා කිරීමෙන් මෙම වාසිය ලබා ගත හැක.

ආරක්ෂිත ගෘහයක් තුල වගා කිරීමේදී ඇති අවාසි

  1. අයෝජනය කලයුතු මූලික ප්‍රග්ධනය සාපෙක්ෂව ඉහල වීම
  2. කෘෂිකර්මය පිලිබදව නවීන දැනුම අවශ්‍ය වීම
  3. රෝග ව්‍යාප්ත වීමේ හකියාව ඉතා ඉහල වීම
  4. සාපේක්ෂව ඉහල අවධානයක් අත්‍යාවශ්‍ය වීම

ඉහත දක්වා ඇත්තේ වාසි සහ අවාසි වලින් කීපයක් පමණි.

 

ආරක්ෂිත ගෘහයක් (ග්‍රීන් හවුස් එකක්) තුල වගාව – 01

Leave a comment


වගා කරන විදි ගොඩක් තියෙනවා. ඉන් එක බොහොම ප්‍රචලිත ක්‍රමයක් තමයි මේ ආරක්ෂිත ගෘහයක් තුල කරන වගාව. ඉස්සරවෙලාම අපිට සාමාන්‍ය අවබෝධයක් වත් තියෙන්න ඕන ඇයි අපි වගාව සදහා ආරක්ෂිත ගෘහයක් නැත්නම් ගොඩක් අය අහල තියෙන විදිහට නම් “ග්‍රීන් හවුස්” එකක් තෝරාගත යුත්තේ කියල. ගොඩක් දේවල්වලට වගේ මේ ක්‍රමයටත් වාසි සහ අවාසි යන දෙකම තියෙනවා. ඉතින් අපිම තමයි තීරණය කල යුත්තේ අපි මේ ක්‍රමයට වගාවක් කරනවද නැතිද යන වග. මම මේ ලිපි පෙලෙන් නම් කියන්න බලපොරොත්තු වෙන්නේ වගා කරන්න ආස කෙනෙක්ට ලංකාවෙදි කොහොමද මේ කියන තාක්ෂණය භාවිතයට ගන්න පුලුවන් කියන එක ගැනයි.  

මොකද්ද මේ ආරක්ෂිත ගෘහයක් (ග්‍රීන් හවුස් එකක්) කියන්නේ?  

පහත දැක්වෙන ලින්ක් එක ක්ලික් කරල ගියාම කරුනුවලින් බොහොම පොහොසත් ලිපියක් තියෙනව ග්‍රීන් හවුස් එකක් කියන්නේ මොකද්ද කියන එකට. වෙලාව තියෙනවනම් පොඩ්ඩක් ඒ ලිපිය කියවල බලන්න.  

http://en.wikipedia.org/wiki/Greenhouse  

ගොඩක් වෙලාවට ග්‍රීන් හවුස් එකක හදන්න ගන්නෙ එක්කො වීදුරු එහෙම නැත්තම් ප්ලාස්ටික්.හැබයි ඒක බොහොම වියදම් අධික ක්‍රමයක්. සමහර වෙලාවට ඔයාලට මතක ඇති පේරාදෙණිය උද්භිත උද්‍යානය ඇතුලෙ තියෙන ඕකිඩ් හවුස් එක.ඒක වීදුරුවලින් හදපු ග්‍රීන් හවුස් එකකට තියෙන හොද උදාහරණයක්.ඉස්සරවෙලා පින්තූරයක් බල ඉම්මු.  

වීදුරු භාවිතා කල ග්‍රීන් හවුස් එකක්

ප්ලාස්ටික් භාවිතා කල ග්‍රීන් හවුස් එකක්

පොලිතින් භවිතා කල ග්‍රීන් හවුස් එකක්

ඔය පේන්න තියෙන ග්‍රීන් හවුස් වලින් ලංකාවෙ නම් ගොඩක්ම ජනප්‍රිය එක තමයි පොලිතින් වලින් ආවරණය කරල හදපු ග්‍රීන් හවුස්. ඒක ජනප්‍රිය වෙන්න හෙතුත් තියෙනව. ලංකාව වගේ රටක අනෙක් ඒවාට සපේක්ෂව ගොඩක් අඩු වියදමින් සාදාගන්න තියෙන හැකියාව ප්‍රදාන දෙයක්. ඔය පෙන්නල තියෙන රූප තුනේ හැඩයන් ගත්තොත් තුන් ආකාරයක්. මේ වගේ විවිධ හැඩයන්ට ග්‍රීන් හවුස් නිර්මාණය කරනවා.

ආරක්ෂිත ගෘහයක් ඇතුලෙදි වෙන්නේ පිටතින් ගෘහය වෙත ලබෙන සූර්යාලෝකයෙන් ලැබෙන තාපය නැවත ගෘහයෙන් පිටතට යා නොදී රැකගන්න එකයි. සමස්ථයක් විදිහට ගත්තහම භාහිර පරිසරයට වඩා ආරක්ෂිත ගෘහය තුල උෂ්ණත්වය ඉහල අගයක් ගන්නවා. Green House Effect  කියල කියන්නෙත් මේ විදිහට උෂණත්වය ඉහල නගින එකටමයි.

මතු සම්බන්ධයි…

වගා කරන්න මොනවද තියෙන්න ඕන?

Leave a comment


ගොඩක් අයට වගා කරන්න ඕන නමුත් එක එක ප්‍රශ්න.සමහර අයට කාලය නෑ. සමහර අයට ඉඩම් නෑ.සමහර අයට දනුම නෑ. ඔය වගේ ගොඩක් දේවල්. ඒ හැමදේටම වඩා තමුන්ගෙන් අහන්න ඕන ඇත්තටම වගා කරන්න තමුන් ආසද කියන දේ. ඇත්තටම මේක වගාවකට විතරක් සීමාඋන දෙයක් නෙවෙයි.ඕනම වැඩක් කරන්න කලින් එකට ආසාවක් තියෙන්න ඕනනේ. ඒකට ඉතින් ඔය හා සම්බන්ධ දේවල් දකිද්දි, කතා කරද්දි ඇස් ලොකු කරගෙන පමණටත් වඩා දේවල් කියවනවනම්, පොඩි නාරන් ගෙඩියකට ජම්බෝල ගෙඩියක තරම් වර්නනාවක් දෙනව නම් ඒක වගා උන තියෙන බවට ලක්ෂණයක්.

කාලය නෑ කියන එකනම් පිලිගන්න අමරුයි. මම නම් කියන්නේ ඒ හරියට ආසා නෑ කියන එක කියන තව විදිහක් කියලයි.තව සමහරුන්ට ඉඩම් නෑ. කාලයකට ඉස්සර වෙලා නම් මේක ප්‍රශ්නයක් තමයි ඒත් දැන් නම් එහෙම කියන්න බෑ.මොකද අද වෙනකොට අඩු ඉඩක වගා කරන විදි බොහොමයක්ම හදුන්වල දීල ඉවරයි. මතකද මෑතකදි අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදුන්වල දුන්නා නාගරික කෘෂිකර්මය කියල දෙයක්. ඒක බොහෝම වටින දෙයක්.

තව සමහරුන්ට මුදල් නෑ කියනවනේ.වගාවක් ආරම්භ කරන්න නම් ඒ හැටි මුදල් ඕන නෑ. ඉතින් වැදගත්ම දේ තමයි ගොවියෙක් වීමට ඇති සැබෑ ආශාව.මම ගොවියෙක් කියන්න පැකිලෙන්නෙ නැති වෙන්න ඕන වගේම ඒක බොහොම උජාරුවෙන් කියන්නත් පුලුවන් වෙන්න ඕන. ඉතින් ඔය කියන දේ තමන් තුල දැනටමත් තියනවනම් අනික් දෙවල් ඒ තරම් අමාරු දෙවල් නෙවෙයි. ඇත්තමයි.

Older Entries