අපට මෙලෝ රහක් නැති විදෙස් පැසැසුම් ලත් (දේශීය?) චිත්‍රපට

1 Comment


දැන් දැන් දේශීයව නිශ්පාදනය වන චිත්‍රපට වලින් යම්කිසි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට කලින් විදෙස් රටවල පවත්වන සිනමා උලෙළවල් වලට ඉදිරිපත් කිරීම සුලභව දක්නට ලැබෙන දෙයක් වී හමාරය. එලෙස ඉදිරිපත් කරන චිත්‍රපට බොහොමයකට ස්ම්මාන ත්‍යාග ආදියද හිමිවන බව හැමෝම මෙන් දන්නා කරුණකි. දේශීය චිත්‍රපට එලෙස විදෙස් සිනමා උලෙලවල් වලදී කරට කර තරග කර ජයග්‍රහණ ලබා ගත් බොහෝ අවස්ථා වලදී මෙරට මැති ඇමති වරුන් පවා ඔවුන් පිලිගැනීමට ගුවන් තොටුපලට පවා ගොස් එම ජයග්‍රහනය පිලිබදව උදම් අනන අවස්ථා අප කොතෙකුත් මෑත භාගයේ දැක ඇත්තෙමු. ඒ සියල්ලම හොදය එහෙත් එම ජයග්‍රහණ බොහොමයක් පිටුපස ඇති රහස එම චිත්‍රපට සත්ය වශයෙන්ම ඉහල තලයක පවතින බවද?

පිට රටවලින් කෙතරම් සම්මාන ලැබුවත් සමහර චිත්‍රපට නරඹන විට අපට දැනෙන දෙයක් නම් සම්මාන දීමට තරම් එහි තිබූ වැදගත්කම කුමක්ද යන්නයි. පිට රැටියෙකු අපේ චිත්‍රපටයක් නරඹා එය ඉතා විශිෂ්ට බව පවසන්නේ ඔහුගේ සමාජ වටපිටාව, සංස්කෘතියට අනූව, ඔහුට සාපෙක්ෂව එය ඉතා විශිෂ්ට වන නිසාය. එහෙත් මෙරට ජීවත් වන බොහෝ වැසියන්ට එම චිත්‍රපටයම නරඹා මෙලෝ රහක් නැති වන්නේ මෙරට සංස්කෘතියට සපේක්ෂව ඔවුන් හිතන පතන නිසාවෙන්ය.

අපට මෙලෝ රහක් නැති වීමටත් විදෙස් රට වලට එය සම්මාන පිට සම්මාන දිය යුතු නිර්මාණයක් වීම ගැනත් ඔබට හැගෙන්නේ කුමක්ද? එයින් දෙන පණිවිඩය නම් ලංකාවෙ අයට මේවගෙ අගයක් නැතිද යන්නද? එසේත් නැතිනම් මෙරට එම චිත්‍රපට තෙරුම් ගැනීමට තරම් මනස මුහුකුරා ගිය පිරිසක් නොමති බවද? එහෙමත් නැත්නම් ලංකාවේ චිත්‍රපටයක් ජනප්‍රිය කරගැනීමට නම් විදෙස් සම්මාන අත්‍යාවශ්‍ය බවද?

සාහිත්‍යය ඉගෙන ගෙන කන්නද?

1 Comment


මේ දවස්වල විශ්ව විද්ය්‍යාලවල තියෙන උනුසුම් වාතාවරණයත් එක්ක විශ්ව විද්ය්‍යාල ශිෂ්‍යයා ගැන විද්‍යුත් මාධ්‍ය වල පවා තොර තෝංචියක් නැතිව කථා බහ කරනවා. බැලූ බැල්මට පෙනෙන අරගලවලට වඩා අතිශය සූක්ෂ්ශමව ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාදාමයක බුබුලු දැමීමක් හොදින් එදෙස බැලූ විට පහැදිලි කරගත හැකියි. ඒ කෙසේ වෙතත් මා ඇසුරු කරන එක්තරා පිරිසක් අතර ඇති උන සංවාදයක කොටසක් පහත දැක්වෙනවා.

ඔය කැම්පස් වල දගලන බහුතරය මේ සමාජ විද්‍යා පීඨවල කොල්ලෝ කෙල්ලෝ තමයි ඇයි ඉතින් උන්ට වැඩකුත් නෑනෙ කරන්න.
ඔව් අප්පා. ඔය ආර්ට්ස් ෆැකල්ටි වලින් එලියට එන උන්ට රස්සා ඇත්තෙත් නෑ උන්ට ටීචින් වලට වඩා කරන්න දෙයක් ඇත්තෙත් නෑ මොනවට ඔය සබ්ජෙක්ට් තෝරාගන්නවද මංදා.
ඔව් ඉතිං ඔය සිංහල බුද්ධාගම ඉතිහාසය, සමාජ විද්‍යාව ඉගෙන ගෙන මොනව කරන්නද? සාහිත්‍යය කන්නද?

මේ ටික අහගෙන හිටියම මට මතක් උනේ අපේ රටේ ඉන්න සහ හිටිය කළු සුද්දෝ ටිකයි අපිව මේ තරම් පහලට ඇදලා දාන්න පාර කපපු පර සුද්දෝ ටිකයි. ඔතන පර කියල කිව්වේ අපේ කම අදුනන්නේ නැති පිටස්තරයා කියන තෙරුමිනුයි. එහෙම කියන්න හේතු තියෙනවා.

අද වනවිට ලංකාවේ ඇති සමාජ හා ආර්ථික රටාව තුල කලා උපාධිවලට සාපේක්ෂව අනෙකුත් උපාධි සදහා මදක් වැඩි පිලිගැනීමක් තිබෙන බව සත්‍ය කරුණක්. නමුත් එයින් කලා උපාධියෙහි ඇති වටිනාකම තක්සේරු කරන්නට යමෙක් පෙලඹෙන්නේ නම් එය අණුවන ක්‍රියාවක් බවයි මගේ නම් හැගීම.  තමා උගත් දේ වඩා වැදගත් යැයි සැලකීමෙන්ම තමා උගත් විෂයට පරිභාහිරව තමා දන්නා දේ ඉතා අල්ප බවම පැවසිය හැකියි. බටහිර අධ්‍යාපනය ගත් කල ඔවුන් ලබාදෙන අධ්‍යාපනයෙන් අවසානයේදී බිහිවන්නේ ඊනියා විශේෂඥයින් පිරිසක් හෝ ඉතා පටු දැනුම් වපසරියකින් සන්නද්ධ වූවන්ය. ඊනියා විද්‍යාවක් උගත්තවුන් සාහිත්‍යය කන්න දැයි අසන්නේ එබැවිනි.

පෙර අපේ මුතුන් මිත්තන් එදිනෙදා ගොවිතැන් කරන්නට උගත්තෝය, වගාවන්ට වැලදෙන ලෙඩ රෝග අඩු කරගත් හැටි උගත්තොය. එදිනෙදා වැලදෙන ලෙඩ රෝගවලට කලයුතු ගොඩ බෙහෙත් ගැන මනා අවබෝදයකින් යුක්ත වූහ. බණ දහම් උගත්තෝය. ජාතක කථා රග දැක්වූහ. ඇලවෙලි අමුණු තමන්ම ප්‍රතිසංස්කරනය කලහ. ජන ගායනා, කවි විරිදු, හිටිවන කවි වලින් ජීවිතය රසවත් කරගතෝය. තව බොහෝ දෑය.

අපි? එකකට එකක සම්බන්ධය නොදත් දැනුම් රාශියක් උගත්තෙමු. අවසානයෙහි දැනුම හිතේ කෙසේ වෙතත් ලොරියක් පිරෙන්නට ලියූ පොත් වල නම් යස අගේට පිටපත් වී ඇත. එක්කෝ දැනුම ඇත එය යොදාගෙන වැඩක් කිරීමට නොදනිමු.

එහා ගෙදර ලොකු එකා කෘෂිකර්මය පිලිබද ගෞරව උපාධිධාරියෙකි. අක්කර දෙක තුනක හිස් ඉඩම් ඇතත් ඌ අදටත් රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ මාසික රැස්වීමට යයි. කවියක් ගීතයක් රස විදින්නට ඌ නොදනියි. අලුත් නවකථාවක් රැගෙන කියවා ජීවිතයට අලුත් කවුලුවක් අමුනා ගන්නට ඌට කොහොමත් නොහිතෙයි. ගෙදර තියෙන පුස් බයිසිකලයේ රෝදයකට හදිස්සියට පැච් එකක් දා ගන්නට ඌ නොදනියි. ගෙදර ෆියුස් එකක් ගියාම කම්බි දෙකක් මූට්ටු කර තද කරගන්නට බයය. උදැල්ලට මිටක් ගහගන්නට කැඩුන රෙක්කයට ඇන ටිකක් ගහගෙන යලි පාවිච්චියට ගන්නට ඌ නොදනියි.

කෘෂිකර්මය ගැන බොහෝ දේ දනියි. එහෙත් එය ප්‍රායෝගිකව භාවිතා කර රටට වැඩදායී ව්‍යවසායකයෙක් වීමට ඌ නොදනියි. ඉතින් මේ අපිය. බටහිර අධ්‍යාපනයේ අනර්ඝ ප්‍රතිඵලය 🙂

ඉතින් සාහිත්‍යය කෑමටත් එය දැනගෙන හිටිය යුතුය. නැතිනම් ඒ කෑමේද කිසිම රහක් නොදැනෙනු ඇත.

අපි අමතක කල එක දෙයක් ඇත. දනුම ස්වභාවයෙහි පවතින්නේ වෙන් වෙන්ව නොවන බවය. දැනුම එකකට එකක බද්ධ වී පවතින අනේකවිධ සම්බන්ධතාවලින් යුක්ත වූ ජාලයක්ව පවතින බවය.
එකෙකු රසායන විද්‍යාව යැයිද තවෙකෙකු භෞතික විද්‍යාව යැයිද තවකෙකු සාහිත්‍යය යැයිද කියා ගෙන හැර පවසන්නේ මේ එකම ජාලයක එකට ඈදී ඇති දැනුමේ උප කොටස්ය. ඒවා තනි තනිව ගත්කල ඇති අර්ථය සියල්ල එකට ඇති කල ඇති අර්ථයෙන් ඉතා කුඩා බව අප සිහි තබා ගත යුතුය. අප එගෙන ගත යුත්තේ සමස්ථය දැකීමට මිස එක එක උප කොටසක ඇති උසස් හෝ පහත් බව තේරුම් ගැනීමට නොවේ.

අප සතු සංස්කෘතිය පෙර සිටම අපට උගැන්වූයේ සමස්ථය දැකීමට විනා බටහිරයන් සේ කැබලි වලට වෙන් කරගෙන ගොඩ නැගූ කුටුම්භ තුල ජීවත් වීමට නොවේ.

ඉදින් අපට සාහිත්‍යයද ඉතා අගනේය…

සෙල්ලම් කරත්තය සමග ආ මනුස්සකම

4 Comments


ටක ටක ටක….සෙල්ලම් කරත්ත විකුනණල ජීවත් වෙන මැදි වියත් ඉක්ම වූ වෙලෙන්දෙක් මාව පසු කරගෙන ගියා. මොහොතකට මගෙ ඇස් ඔහුගේ කරත්ත කෙරෙහි ඇදී ගියා. කරත්ත වර්ග දෙකක් තියෙනවා. මගෙ හිත ගියේ අරුමෝසම් ගතිය වැඩි ලොකු කරත්තෙකට. ඒක දක්කන ගමන් පොඩි රබානකින් සද්දයක් උපද්දන ගමන් තව ලස්සන ඹබර දෙකකුත් දෙපැත්තෙන් යස අගේට කැරකෙනවා.

වෙන මොනවත් නිසා නෙවෙයි මගෙ පොඩ්ඩා මේ වගේ දෙවල් අරන් දුන්නම ටික වෙලාවක් එකත් එක්ක සෙල්ලම් කරල තව ටික වෙලාවකින් ඒකෙ පුලුවන් හැම කෑල්ලක්ම ගලවනවා. ඉතිං මමත් අලුත් අලුත් එව්ව ගිහින් දෙනවා එයාට වැඩේ දිගටම කරගෙන යන්න.

මම වෙලෙන්දාට අතින් සන් කලා. ඔහු මා ලගට ඇවිල්ලා මගෙන් ඇහුවා මොන කරත්තයක්ද ඕන කියලා. මම අර ලස්සන ලොකු කරත්තය පෙන්නුවා. ඔහු ඒක අතට ගන්න ගමන් මගේ අතේ එල්ලිලා කරත්තේ දිහා අමුතු විදිහට බලාගෙන හිටපු පොඩි හාදයා දිහාත් බලලා මෙහෙම කිව්වා.
මෙයාටද කරත්තේ?
මම ඔව් කිව්වා.
එහෙනම් මහත්තයා මෙන්න මේ පොඩි කරත්තේ අරන් දෙන්න. ඒක රුපියල් 80යි. ඔය ලොකු කරත්තෙ තියෙන ඹබර වලින් පොඩි එකාගෙ අත තුවාල වෙන්න පුලුවන්.
ඔය ලොකු කරත්තේ ගාන කීයද?
ඒක මහත්තය රුපියල් 160ක් වෙනවා.  ඒ උනාට මහත්තයා මෙයාට පොඩි එකක් අරන් දෙන්න.

මටත් කාරණය තේරුම් ගියා. මමත් පොඩි කරත්තයක් ගත්තා. ඔහු පොඩ්ඩටත් හිනාවක් පාල බොහොම අහිංසක විදිහට පිට වෙලා ගියා. මම ඔහු දෙස ටිකක් වෙලා බලාගෙන හිටියා. වෙලාව දවල් 1.00 ට විතර ඇති. ඔහු ඒ වෙනකොට විකුනලා තිබ්බෙත් කරත්ත 5ක් විතර. තව කරත්ත 20ක් විතර විකුනන්න තිබ්බා.

කරත්තෙට වඩා වැඩි දෙයක් මට ඔහු දීලා ගිය බව මට පසක් උනා. දාඩිය එහෙන් මෙහෙන් පිහගෙන ටවුම පුරා තව සෙල්ලම් කරත්තයක් විකුනන්ණ  ඇවිදින මේ මනුස්සය ලග ඇත්තටම මනුස්සකමේ සුවද පිරී ඉතිරිලා තිබුනා.
මම ටිකක් වෙලා යනකල් ඔහු දිහාම බලාගෙන හිටියේ මම දුන්න රුපියල් 80 ඔහුට ඇතිද කියන සිතුවිල්ලෙන්.

අපට හැක්කේ අනුකරණය පමණද?

2 Comments


1932 තරම් ඈත කාල වකවානුවක ලංඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ආයතන ආයතනය පෙර දිග අධ්‍යාපනය සම්බන්ධයෙන් පල කල එක්තරා වාර්තාවක සාරාංශය මේසේ දක්වන්නට කැමැතියි.

ඔවුන් එදා අපව දුටුවේ ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව බටහිරින් එන සංකල්පනා පිලිගැනීමට සැදී පැහැදී සිටි ජාතින් ලෙසටය. ඔවුනට එදා තිබුනු ප්‍රශ්නය වූයෙත් එයමය. මෙය පල කල මහාචාර්යවරයාගේ අදහසට අනූව මේසේ පෙරදිග වැසියන් තමා සතු දැනුම් පද්ධතීන් අමතක කොට බටහිර දැනුම වැලද ගැනීමෙන් සිදුවන්නේ අවැඩක්ම බවත් පෙරදිග වැසියන් බටහිරයන් හා සමතැන් ගැන්මට නම් කල යුත්තේ ඔවුන් සතු අධ්‍යාපනය සුරකිමින් ලොවට නව සංකල්ප ඉදිරිපත් කිරීම බවත්ය.  තවදුරටත් දක්වා ඇති පරිදි එක් දැනුම් පද්ධතියක් ලොව පුරා පැතිරී සමරූපී වනවාට වඩා විවිධ වූ දැනුම් පද්ධතීන්ගෙන් ලෝකය සන්නද්ධ වීම වඩා උචිත බවයි ඔහුගේ හැගීම වූයේ.

මහාචාර්යවරයාගේ අදහස එසේ වුවත් කල් යත්ම බටහිරයන්ට වුවමනා පරිදි ලෝකය ක්‍රියා කල යුතුය,හැසිරවිය යුතුය යන මානසිකත්වයකින් ඔවුන් ක්‍රියා කරන්නට වූ නිසා අද වන විට බටහිර දැනුම නූතන යටත් විජිතවාදයේ ප්‍රධාන අවිය බවට පත්වී හමාරයි. කරුණු මේසේ දිගින් දිගටම සිදුවුවහොත් තව නොබෝ කලකින්ම පෙර දිග දැනුම් පද්ධතීන් තම අවසන් හුස්ම වාතලයට මුසු කරාවි. අද වනවිට ශ්‍රී ලාංකීය සමාජයෙහි වැඩිපුරම නෙත ගැටෙනුයේ හිස් බටහිර අනුකාරකයින් පිරිසක් පමනයි. එය ඉතා අවාසනාවන්ත තත්වයක්.  

අඩුම වශයෙන් මෙවනි තත්වයක් පවතීය යන්නවත් අවබෝධ කර ගැනීමට තරම්වත් බුද්ධියක් නොමැති වීම ඉතා ඛේදනීය තත්වයක්. කිසිම වග විභාගයකින් තොරව අන්ධයන් රැලක් හා සමානව බටහිරයන් හා ඔවුන් අප මත පැටවූ දැනුම අනුගමනය කිරීම අප වැනි ජාතියකට තරම් නොවෙයි. මෙය වටහාගෙන අප අපේ සීමා මායිම් සොයා ගැනීමට වෙහෙසෙමු. අප සතුව තිබූ දැනට වල් බිහිවී ඇති ශ්‍රේෂ්ඨ සංස්කෘතිය නැවත සොයා ගමු. අපට අවශ්‍ය අනුකාරකයන් පිරිසක් නොව ලෝකයට අපේ යැයි කිවහැකි නව දැනුමක් නිර්මාණය කරනා නිර්මාණාත්මක මිනිසුන් බහුල සමාජයකි.

සුන්දර කරදර ගොඩක් මැද පොතක් තෝරමුද?

1 Comment


දොලොස් වෙනි වතාවටත් කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවත්වෙනවා. මමත් අද ඒ පැත්තට නොදැනුවත්වම වගේ ඇදිල ගියේ  පොතක් තෝරනවටත් වඩා පොත් අතර ඇවිදින්න ආසාවක් හිතේ කොනක තිබ්බ නිසයි.කොහොමෙන් කොහොමෙන් හරි මමත් පොත් හතරක් හොයාගෙන හවස් වෙලා තමයි ආපහු ආවෙ.
කවුරුත් කියනවා වගේ මහ විශාල සෙනගක් එතන. පොත් තෝරන්න උනේ නම් පොර කකා හිර වෙවී තෙරපෙමින් වගේ ටිකක් කරදර මැද්දේ.ඒත් ඒ හිරවෙන තෙරපෙන පොරකන දේවල් ඔක්කොම මේ පොතක් පතක් තෝරන්න නේද කියල හිතුවම ඒව අති සුන්දර කරදර විදිහට තමයි හිතෙනෙනේ. මිනිස්සුන්ගේ කියවන ආසාව වෙනදට වඩා ඉහල ගිහිල්ලද කියලත් හිතෙනවා. කෙසේ වෙතත් මෙය හොද ප්‍රවනතාවයක් සහ අනාගතයට සුභ ලකුණක්. කතාවටත් කියනවනේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා.

මගේ යාලුවෙක් ඉන්නවා එයා අවුරුද්ද පුරා සල්ලි එකතු කරනවා මේ ප්‍රදර්ශනයෙන් පොත් ගන්න. පොඩි ඈයො වගේම ලොකු ඈයොත් තමන් ගත්ත පොත් ටික තුරුලු කරගෙන ගෙට්ටුවෙන් පිට වෙලා යන දිහාත් අපි බලාගෙන හිටියා. මට නම් ඒක සුන්දර දර්ශනයක්.

කුරුළු පාලුව

Leave a comment


උදෙන්ම බුකු බුකු කියල සද්දයක් ඇවිල්ල වෙනදට වඩා ටිකක් කලින් අවදි උනා.බැලින්නම් වදුරු රංචුවක් වෙනදට වඩා ටිකක් උදෙන්ම ගෙදර පිටි පස්සේ තියෙන වත්තේ පොල් ගස් ටික ආක්‍රමණය කරල. මිනිස්සු අවදි වෙන්න කලින් වැඩේ පටන් ගත්තම අඩු ගානෙ එක කුරුම්බ ගෙඩියක් හරි වැඩිපුර බොන්න පුලුවනිනෙ කියල උන්ටත් හිතිල වෙන්න ඇති. 

මේ වගේ සත්තු අපි එච්චර හිතුවේ නැති උනාට පුදුම වෙහෙසක් ගන්නවා කෑමක් බීමක් හොයාගන්න. කැලෑ එලිවෙන සීග්‍රතාවයට සමානුපාතිකවම වගේ උන්ට උන්ගේ වාසස්ථාන අහිමි වෙලා යනවා. කෑම බීම හොයාගන්නවටත් වඩා දැන් ඉන්ට හිටින්ට හරිහමන් තැනක් හොයාගන්න එකත් උන්ට ලොකු ප්‍රශ්ණයක් වෙලා හමාරයි.

අනේ මංද මිනිස්සු කියන ජාතිය පුදුම විදිහට ආත්මාර්ථකාමී වෙලා කියල මට හැගෙනවා. දිනෙන් දින අපි සතු වටිනා කියන ගුණ ධර්ම හෝදා පාලු වෙලා යනවා. අපේ පරම්පරා කීපයකට පෙර ජීවත් උන අයයි අපියි ගත්තම පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා ගුණ ධර්ම පැත්තෙන් ගත්තොත්.අපි හිතන පතන විදිහ වෙනස් වේගෙන යනවා කියලා අපිට තිබ්බ අනන්‍යතාවය නැති වෙලා යනවා කියල ඇස් පනාපිට පේනවා. වැඩිය ඕනේ නෑ මීට ටික කාලයකට ඉස්සර ගමක් ගත්තම කැලෑ බද පෙදෙසක් වෙනම වෙන් කරල තිබ්බ සත්තුන්ට. “බැද්ද” කියල කිව්වේ අපි. ඔය දර ටිකක් එහෙම හොයා ගන්න බෙහෙතක් හේතක් හොයාගන්න ඕන උනාම මිනිස්සු ඔය බැද්දට රිංගලා එනවා. කවුරුත් දැනගෙන හිටියා ඒකෙ තියෙන වැදගත් කම. ඉතින් මට උදේම මතක් උනා අපේ කුරුළු පාලුව.

කුරුළු පාලුව කිව්වේ කුඹුරු යායේ තිබ්බ එක ලියද්දකට.එකේ තිබ්බ විශේෂත්වය තමයි ඒ ලියද්ද වෙන් කරල තිබ්බේ කුරුල්ලන්ට වීම. ගමේ කීප දෙනෙක් තමන්ගෙ කුඹුරු කරන ගමන් මේ ලියද්දෙත් ගොයම් හදනවා. හැබැයි ගොයම් කපනකොට ඒක අත අරිනවා. අනිත් එක ගොයම් කපල කරල් එකතු කලාට පස්සේ ඔය මග ඇරිල තියෙන කරල් ගොඩක් වෙලාවට එකතු කරන්නේ නෑ. ඒවත් කුරුල්ලන්ට තමයි.

 පේනව නේද අප සතුව පැවති ඒ චින්තනය මොන තරම් වටින එකක්ද කියල.

ජෝන් සීනා…. අපේ පොඩි එකාගෙ ඔලුවට ගහලා…

Leave a comment


මගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා අවුරුදු 6ක් විතර වෙන. පොඩි කාලෙ ඉදලම බලන්නෙම අර “රෙස්ලින්” කියන එව්වා. අත කරකවලා බිම දානවා, වැට උඩ ඉදන් ඇගට පනිනවා, උස්සලා බිම අත අරිනවා, ඒ මදිවට තව අතට අහු වෙන අහු වෙන ඒවගෙන් දමලත් ගහනවා. ඔය වගේ මිනිහෙක් තවත් මිනිහෙකුට කරන්න පුලුවන් ගොඩක් අසම්මත යැයි සම්මත විදිහට ගහ ගන්නවා.දුක හිතෙන්නේ ඒ දේවල් වලට නෙවෙයි උගෙ තාත්තත් ඌට එකක් බලපුවාම තව අලුත් එකක් ගෙනත් දෙන එකට.

picture from this url

මම ඇහුවා ඇයි ඉතින් ඔව්ව ගෙනත් දෙන්නෙ අර අපූරු සුරංගනා කතන්දර, පොඩි ලමයින්ට හදපු හොද චිත්‍රපටි ඕන තරම් තියෙන්නේ කියල. එතකොට මට හම්බ උනේ මෙන්න මේ බූරු උත්තරෙනෙ. ඌ කැමති රෙස්ලින් වලටලු. ඉතින් ඌ කැමති දෙයක් ගිහින් දෙන්න එපාය කියපි. මෙහෙම එව්ව අහන කොට මට නම් අර මේ දවස් වල කියන්නෙ ඇඩෙනවා කියලා. අන්න එහෙම ඇඩෙනවා. 😦  මොකද දන්නවද? ඇත්තටම ජෝන් සීනා අපේ පොඩි උන්ගෙයි ලොකු උන්ගෙයි ඔලුගෙඩි වලට නොසෑහෙන්න ගහලා.

මට නම් හිතෙන විදිහට පොඩි උන්ට විතරක් නෙවෙයි අපෙ සමාජේ අපිත් එක්ක ජීවත් වෙන එක කොටසකට රෙස්ලින් වලින් පුදුම සතුටක් ලැබෙනවා. භාවිතෝ බහුලී කතෝ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවනේ. ඉතින් ඕය වගේ දේවල් බහුලව පුරුදු පුහුනු කරන කොට අපටත් නොදැනීම අපේ හිත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර වගේ මිනිහෙක්ට අමානුෂිකව පහර දෙන එකේ අප්සෙට් එකක් පෙනෙන්නේ නැතිව යනවා. ඒක හරිම අප්සෙට් වැඩක්.

මම හිතන්නේ ගොඩක් අය දැකලා ඇතිනේ ඔය ටීවී විකුනන්න තියෙන තැන්වල මැච් එකක් නැති දවස්වලට දාල තියෙන්නේ රෙස්ලින් සහ ඒක ඉස්සරහට වෙලා කට අරගෙන ගිලින්න වගේ බලාගෙන ඉන්න අපේ අනාගත පරම්පරාව.රෙස්ලින් කියන්නේ entertainment game එකක් උනාට මට නම් ඒකෙන් තාම ඒ කියන ඊනියා විනෝදාස්වාදය තාම ලැබිලා නෑ. අනේ මංද අපි හිතන විදිහේ අප්සෙට් එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.  😦

Older Entries