මරණින් පසු ජීවිතය සහ ආගමික ඉගැන්වීම් – සිසිර වීරසූරිය

Leave a comment


ලැබුන කෙටි විවේකයත් එක්ක අලුතෙන් පොතක් කියවන්න අවස්ථාව ලැබුනා. මෙහි පොඩි විශේශත්වයක් තියෙනවා ඒ තමයි ලංකාවෙ ස්ංහල බෞද්ධ ජනතාව ඔවුන්ට උපතින් උරුම වූ ථේරවාදී බුද්ධාගම ගැන ඇරුනු කොට මහායාන බුද්ධාගම ගැන ටිකක්වත් හාරා අවුස්සලා ඒ ආගම් දෙක අතර ඇති වෙනස ගැන හොයන්න පෙලබෙන්නේ නැති කාරණාව සහ එසේ කිරීමෙන් අප ජීවිත වලට අහිමි වන  ප්‍රයෝගන බොහොමයක් ගැන කරුණු සහිතව කරණු ලබන විමසුමක් තමයි මෙහි අන්තර්ගතය වෙලා තියෙන්නේ.

මෙම පොත කොටස් ඩෙකකින් යුක්ත වන බව තමයි පෙනෙන්න තියෙන්නේ. මොකද මමත් තවම කියවලා ඉවර උනේ පලමු කොටස විතරයි. මේ පොත කියවගෙන යද්දි මට මෙන්න මෙ පහත කියන පොත් වල නම් අහන්නට දකින්නට ලැබුනා.

බුදු දහම සහ එය ආගමට විද්‍යාවට සම විසම වන අයුරු – ආර් ජී ද එස් වෙත්තිමුනි
Buddhism and its relation to religion and science
The Buddha’s teaching and the ambiguity of existence
The Masters and the Path
At the Feet of the Master – Krishnamurti

ශ්‍රී රාවණ්ණා පුවත

Leave a comment


ලියන්න වෙලාවකුත් නැති උනා පහු ගිය දවස්වල එක දිගටම වැඩ අධික උන නිසා. එත් ලස්සන කතා පොතක්නම් කියවන්න ලැබුනා. ඒ තමයි ශ්‍රී රාවණ්ණා පුවත. මේ පොත ලියල තියෙන්නේ නම් භද්‍රජි මහින්ද ජයතිලක මහතා. ඇත්තටම හෙළ යක් පරපුරේ ඉතිහාසය ගැන මනා ලෙස කරුණු හදාරා කල පුස්තකයක් බව පේනවා. ඉතින් වෙලාවක් ලැබුනොත් මේ පොතත් අනිවාර්යයෙන් කියවලා බලන්න අපි අපේ පූර්ව ඓතිහාසික යුගය ගැනත් ඒ කියන්නේ විජයාවතරණයට පෙර අපේ ඉතිහාසය ගැනත් දැනගෙන ඉන්න ඕන කියල මට හිතෙනවා.

පුලස්ති කියන ඝෘෂීවරයා ගැන කරුනු බොහෝමයක් මේ පොතේ අඩංගුයි.පුලස්ති කියන ඝෘෂීවරයා කියන්නේ රාවණා රජතුමාගේ සීයාට. පරාක්‍රම සමුද්‍රය අසල ගලින් නෙලා ඇති පිලිරුව පිලිබදව මත දෙකක් තියෙනවා. එකක් මෙය පුලස්ති කියන ඝෘෂීවරයා බවයි. අනෙක මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ කියන මතය.නමුත් බැලූ බැල්මටම මෙය රජකෙනෙකුට වඩා ඝෘෂීවරයෙකුගේ පිලිරුවක් බවයි මට නම් හැගෙන්නේ.

අද පොලොන්නරුව යනු පොරණ පුලතිසිපුරවරය බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඒ මේ පුලස්ති කියන ඝෘෂීවරයා විසූ පෙදෙසයි.

පහලින් තිබෙන සබැදුම ප්‍රයෝජනවත් වේවි.
http://www.bhadrajijayatilaka.com/

බුද්ධදාසී – සුනේත්‍රා රාජකරුණානායක

Leave a comment


මම කැමතිම නගරය අනුරාධපුරය. හේතුව මට හරියටම කියන්න බැරි උනත් රජරටට මගෙ හිත අපූරු විදිහට බැදිලා තියෙනව කියල මට දැනෙනවා. ඉතිං මට බුද්ධදාසීව නෙත ගැටුනේත් හිත ගියෙත් ඒ නිසාම වෙන්න ඇති. ගොඩක් දේවල් ගැන නිසි අවබෝධයක් ඇතුව ලියපු පොතක් කියල පොත කියවගෙන යද්දි දැනුනා.පොතේ පසු පිටේ පොත ගැන මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා.

” අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසී සුනේත්‍රාගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහා වංශයට අනූව දුර්වල රජෙකු වූ මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට අසුවූ ප්‍රිය පුරුශයෙකි.

කව් ගී පමණක් නොව පැරැණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන නෑසෙන බුද්ධදාසී ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක්ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්ණ හා සසදා බලමින් තම තමන්ද රටද සුවපත් කරගත හැකි මාර්ගයක් එලි පෙහෙලි කරමිනි.”

පොත කියවලා අහවර උනාම ආපසු අනුරාධපුර රාජධානිය පැත්තේ ගිහිල්ල එහේ අවුරුදු කීපයක් ජීවත් වෙලා ආව වගේ දැනුනා. අතීතයේ සිට මේ දක්වා මෙරට ජීවත් වන විවිධ පන්තීන් නියෝජනය කරන්නාවූ  ජනයා හා ඔවුන් වටා නිබදව සැරිසරන දේශපාලනය නම් විෂම චක්‍රයෙහි හරය නොවෙනස්ව  ස්වරූපය පමණක් වෙනස් වෙමින් ගලා බසිනා අයුරු පාඨකයාට ඉදිරිපත් කිරීමට මෙහි කතුවරිය බෝ වෙහෙස ගෙන ඇති සෙයක් දිස් වෙනවා.

අප වටා ඇති සෑම දෙයකම පවතින්නාවු නිස්සාර බව තව තවත්  පසක් වන අතරම නිති පෙරලෙන අට ලෝ දහම හමුවෙහි කම්පා නොවී මිනිසකු ලෙස බෞද්ධයෙකු ලෙස අප ලැබූ මේ ජීවිතයෙහි හරය වටහාගන්නවුන් වහ වහා නිවන් මගම තෝරාගතයුතු බව මේ කතා වස්තුව තවදුරටත් පෙන්වා දෙනවා.
මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥ්ඥාව කරා යොමු කරනා මෙවන් පුස්ථක අද ලොවට ඉතා වටිනා බව නොකියන්නේ කෙලෙසද?

සුන්දර කරදර ගොඩක් මැද පොතක් තෝරමුද?

1 Comment


දොලොස් වෙනි වතාවටත් කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවත්වෙනවා. මමත් අද ඒ පැත්තට නොදැනුවත්වම වගේ ඇදිල ගියේ  පොතක් තෝරනවටත් වඩා පොත් අතර ඇවිදින්න ආසාවක් හිතේ කොනක තිබ්බ නිසයි.කොහොමෙන් කොහොමෙන් හරි මමත් පොත් හතරක් හොයාගෙන හවස් වෙලා තමයි ආපහු ආවෙ.
කවුරුත් කියනවා වගේ මහ විශාල සෙනගක් එතන. පොත් තෝරන්න උනේ නම් පොර කකා හිර වෙවී තෙරපෙමින් වගේ ටිකක් කරදර මැද්දේ.ඒත් ඒ හිරවෙන තෙරපෙන පොරකන දේවල් ඔක්කොම මේ පොතක් පතක් තෝරන්න නේද කියල හිතුවම ඒව අති සුන්දර කරදර විදිහට තමයි හිතෙනෙනේ. මිනිස්සුන්ගේ කියවන ආසාව වෙනදට වඩා ඉහල ගිහිල්ලද කියලත් හිතෙනවා. කෙසේ වෙතත් මෙය හොද ප්‍රවනතාවයක් සහ අනාගතයට සුභ ලකුණක්. කතාවටත් කියනවනේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා.

මගේ යාලුවෙක් ඉන්නවා එයා අවුරුද්ද පුරා සල්ලි එකතු කරනවා මේ ප්‍රදර්ශනයෙන් පොත් ගන්න. පොඩි ඈයො වගේම ලොකු ඈයොත් තමන් ගත්ත පොත් ටික තුරුලු කරගෙන ගෙට්ටුවෙන් පිට වෙලා යන දිහාත් අපි බලාගෙන හිටියා. මට නම් ඒක සුන්දර දර්ශනයක්.

කළු (Black) – තාරකා වාසලමුදලිආරච්චි

2 Comments


කළු කියවන්නට ලැබුනා. මුලින්ම නම් මට ටිකක් විතර කම්මැලි හිතුනා.ඒත් දිගටම කියවාගෙන ගියා. පොත මැදදි විතර තමයි මට මා කියමින් ඉන්නා චරිතයේ හැඩය හොයාගන්න හැකි උනේ. මම මේ කතා පොත ගත්තේ මෙදා පාර ස්වර්ණ පුස්ථකයක් විදිහට නිර්දේශ වුන නිසා
නිසා නෙවෙයි. කළු මොන පාටද කියල බලන්න ආස හිතුන නිසා.

ඇය විසින් මීට පෙර රචිත එකදු පොතක් වත් කියවා නැතිමුත්( දෙහි සහ මැටි ) කළු කියවීමෙන් ඇය තුල ජීවත් වන කතුවරියගේ ප්‍රභාව මා දුටුවා. මා කතාව කෙටියෙන්වත් ඔබ හමුවේ  තබන්න අකමැතියි මන්ද එය කියවා ඔබම විද ගත යුතු දෙයක් නිසා.  බුදුන් විසින් වදාල ලෙස වෛරය වෛරයෙන් දමනය කල නොහැකි සේ අදුරද අදුරෙන් පලවා හැරිය නොහැකි බැව් ඈ මනාව පෙන්වා දී තිබෙනවා.

එදිනෙදා සමාජයේදී අප නෙත ගැටෙනා බොහෝ මිනිසුන්ගේ අප දන්නා වපසරිය ඉතා පටු බැව් මට නම් දැනෙන හැගෙන දෙයක්. මානසික ව්‍යාධියකින් (අප සිතනා පරිදි, අපට දැනෙන පරිදි, බොහෝ අය නිගමනය කරනා පරිදි ) පෙලෙන්නවුන් උදෙසා අප ජීවත් වන සමාජය කොතරම් දුරට ඔහුගේ එම ව්‍යාධිය සුවයක් කරා යාමේදී ක්‍රියා කරන්නේ මොන තරම් අනුකම්පා විරහිත, බුද්ධි හීන, අසතුටුදායක අයුරකින්දැයි පවසන්නට ඈ උත්සාහ දරනවා. එය ඉතා සියුම් ඉතාමත්ම සියුම්ව කල යුතු කෙතරම් දුෂ්කර කර්යයක්ද යන වගට මේ පුස්තකය කදිම නිදසුනක් යැයි මා සිතනවා. කළු ස්වර්ණ පුස්ථකයක් සදහා නිර්දේශිත කර එයට ආලොකයක් ලබා දීම ඉතා උචිත යැයි මටද හැගෙන කරුණක්.

ඔබටද ඔබ ඔවුන් දෙස බලනා අයුරු “පිස්සා/පිස්සිය” යන වචනය ඔබ යොදා ගන්නා අයුරු සමග විමසා බලන්න පුලුවනි. කියවන්න හොද පොතක්.

http://www.dailynews.lk/2010/09/15/art07.asp

ගල් පිළිමය සහ බොල් පිළිමය

Leave a comment


කාලෙකට පස්සේ හොද කෙටි කතා පොතක් කියවන්න ලැබුනා. මම හිතන්නේ මේ පොත ප්‍රසිද්ධ එකක්. ගුණදාස අමරසේකර මහතා විසින් රචිත ගල් පිළිමය සහ බොල් පිළිමය තමයි මේ මම කියන පොත. ගල් පිළිමය සහ බොල් පිළිමය කියන්නේ මේ පොතේ තියෙන එක කෙටි කතාවක් විතරයි. තව කෙටි කතා  4 ක් මේ පොතට ඇතුලත්.

වෛද්‍යවරයා සහ රෝගියා

විමලසිරි කවියා

ඇමතිගේ අස්වීම

හොරා පොලිස් නොහොත් සාහසිකයා ඇල්ලීම තමයි අනිත් කෙටි කතා පෙල.

මේ පොත කියවනවිට නිතැතින්ම මෙම සාහිත්‍යකරුවා සතු ප්‍රතිභාව මොනවට පැහැදිලි වෙනවා. නිද්‍රාගත ලාංකිකයන් අවදි කිරීමට නම් මෙවන් නිර්මාණකරුවන් බොහෝ පහල විය යුතුයි.

ගල් පිලිමය සහ බොල් පිලිමය වගේම අනිත් කතා කිහිපයත් එකකට එකක් දෙවනි නෑ. මේව ලියවිලා තියෙන්නේ 88 වසර අග වගේ කාල වකවානුවක. කුමන අයුරකින් සසදා බැලුවත් එදාට වගේම අදටත් මේ කතාවලින් උලුප්පන සිද්ධි දාමයන් සහ හරයන් අතිශය වැදගත්. අද වන විට අප සමාජය එක සිතින්ම බොල් පිලිම පසුපස යන ඒවාට වැදුම් පිදුම් කරන තත්වයට පත්ව අවසන්. ගල් පිලිම අප අතරම තිබුනත් ඒ බව නොදන්නා  තරමට ජාතිය වෙලාගත් අවාසනාවක මහත!

ඔබට නිවන් සුව…!

5 Comments


ජයසේන ජයකොඩි කියන ඒ අපූරු ලේඛකයා අවසන් හුස්ම පොද වා තලයට මුසු කලා කියන පුවත කන වැකුන සැනින් හදවත පුරා සියුම් වේදනාවක් වෙලා ගත්තා වගේ හැගීමක් දැනුනා.මම ඔහුගේ ලේඛන කලාවට බොහෝ සේ ඇලුම් කලා.

ලාංකීය ජන ජීවිතයේ ඇති සරල බව, ජීවිතයේ ඇති අනියත බව, දුක සතුට අතරෙහි නිබදව දෝලනය වන ජන ජීවිතය දෙස බෞද්ධ පදනමක පිහිටා හැසිර වූ ඔහුගේ ලේඛන කලාවට මෙරට බොහෝ පිරිසක් ඇලුම් කිරීම විමතියක් නොවෙයි.

අඹු දරුවෝ, අමා වැස්ස, ගෝතම ගීතය,පිච්චමල, අරලිය මල් ආරාමය, මහ මෙර, උපේඛා, පින්කෙත, සුදු නෙලුම, තෙර තරණය ඔහු අතින් ලියවුන පොත් සමහරක්.

මිනිසුන්ගේ හදවත් දිනා ගනිමින් ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කල මේ සොදුරු මිනිසාට නිවන් සුව පසක් වේවායි ප්‍රාර්ථනා කරමි.