රහතුන් වැඩි මග ඔස්සේ

Leave a comment


ටික කාලයක ඉදන් ඉරිදා දිවයින පුවත් පතෙහි පලවන අගනා ලිපි පෙලක් මගේ සිත ගත්තා. අද මට ලැබුන ඊමේල් එකක ඒ ලිපි පෙලට අදාල යොමු පෙල ඇතුලත් තවත් බ්ලොග් අඩවියක් හමු උනා. පහතින් දැක්වෙන්නේ එම බ්ලොග් අඩවියට අදාල යොමුවයි.

http://cybersihina.blogspot.com/2012/04/blog-post.html

 

Advertisements

මරණින් පසු ජීවිතය සහ ආගමික ඉගැන්වීම් – සිසිර වීරසූරිය

Leave a comment


ලැබුන කෙටි විවේකයත් එක්ක අලුතෙන් පොතක් කියවන්න අවස්ථාව ලැබුනා. මෙහි පොඩි විශේශත්වයක් තියෙනවා ඒ තමයි ලංකාවෙ ස්ංහල බෞද්ධ ජනතාව ඔවුන්ට උපතින් උරුම වූ ථේරවාදී බුද්ධාගම ගැන ඇරුනු කොට මහායාන බුද්ධාගම ගැන ටිකක්වත් හාරා අවුස්සලා ඒ ආගම් දෙක අතර ඇති වෙනස ගැන හොයන්න පෙලබෙන්නේ නැති කාරණාව සහ එසේ කිරීමෙන් අප ජීවිත වලට අහිමි වන  ප්‍රයෝගන බොහොමයක් ගැන කරුණු සහිතව කරණු ලබන විමසුමක් තමයි මෙහි අන්තර්ගතය වෙලා තියෙන්නේ.

මෙම පොත කොටස් ඩෙකකින් යුක්ත වන බව තමයි පෙනෙන්න තියෙන්නේ. මොකද මමත් තවම කියවලා ඉවර උනේ පලමු කොටස විතරයි. මේ පොත කියවගෙන යද්දි මට මෙන්න මෙ පහත කියන පොත් වල නම් අහන්නට දකින්නට ලැබුනා.

බුදු දහම සහ එය ආගමට විද්‍යාවට සම විසම වන අයුරු – ආර් ජී ද එස් වෙත්තිමුනි
Buddhism and its relation to religion and science
The Buddha’s teaching and the ambiguity of existence
The Masters and the Path
At the Feet of the Master – Krishnamurti

මැති ඇමැතිවරුන්ගෙ දස සිල් රැකීම

Leave a comment


මීට ටික කාලයකට කලින් මාධ්‍ය හරහා කන වැකුනු පුවතක් ගැන මගෙත් අවධානය යොමු වුනා. මොකද පොඩි ප්‍රශ්නාර්ථයකුත් එක්ක මොකද්ද මෙදා පොටේ කරන්න යන්නෙ මෙ ගොල්ල කියල.
සාමාන්‍යයෙන් මම පාටලී චම්පික මැතිතුමාගෙ වෙබ් අඩවිය පැත්තෙ රවුමක් ගහනවා වරින් වර. ඒ ගම්න් මට මෙන්න මේ කියල දිගුව හරහා ගිහිල්ල කියවල බලන්න ලැබුනා එතුමා දස සිල් අනුගමනය කරල මොනවද එතුමගෙ ජීවිතයට ලං කර ගත්තේ කියන දෙය.

http://www.champikaranawaka.com/common/pdf/books/ehi_passiko.pdf

බුද්ධදාසී – සුනේත්‍රා රාජකරුණානායක

Leave a comment


මම කැමතිම නගරය අනුරාධපුරය. හේතුව මට හරියටම කියන්න බැරි උනත් රජරටට මගෙ හිත අපූරු විදිහට බැදිලා තියෙනව කියල මට දැනෙනවා. ඉතිං මට බුද්ධදාසීව නෙත ගැටුනේත් හිත ගියෙත් ඒ නිසාම වෙන්න ඇති. ගොඩක් දේවල් ගැන නිසි අවබෝධයක් ඇතුව ලියපු පොතක් කියල පොත කියවගෙන යද්දි දැනුනා.පොතේ පසු පිටේ පොත ගැන මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා.

” අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසී සුනේත්‍රාගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහා වංශයට අනූව දුර්වල රජෙකු වූ මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට අසුවූ ප්‍රිය පුරුශයෙකි.

කව් ගී පමණක් නොව පැරැණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන නෑසෙන බුද්ධදාසී ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක්ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්ණ හා සසදා බලමින් තම තමන්ද රටද සුවපත් කරගත හැකි මාර්ගයක් එලි පෙහෙලි කරමිනි.”

පොත කියවලා අහවර උනාම ආපසු අනුරාධපුර රාජධානිය පැත්තේ ගිහිල්ල එහේ අවුරුදු කීපයක් ජීවත් වෙලා ආව වගේ දැනුනා. අතීතයේ සිට මේ දක්වා මෙරට ජීවත් වන විවිධ පන්තීන් නියෝජනය කරන්නාවූ  ජනයා හා ඔවුන් වටා නිබදව සැරිසරන දේශපාලනය නම් විෂම චක්‍රයෙහි හරය නොවෙනස්ව  ස්වරූපය පමණක් වෙනස් වෙමින් ගලා බසිනා අයුරු පාඨකයාට ඉදිරිපත් කිරීමට මෙහි කතුවරිය බෝ වෙහෙස ගෙන ඇති සෙයක් දිස් වෙනවා.

අප වටා ඇති සෑම දෙයකම පවතින්නාවු නිස්සාර බව තව තවත්  පසක් වන අතරම නිති පෙරලෙන අට ලෝ දහම හමුවෙහි කම්පා නොවී මිනිසකු ලෙස බෞද්ධයෙකු ලෙස අප ලැබූ මේ ජීවිතයෙහි හරය වටහාගන්නවුන් වහ වහා නිවන් මගම තෝරාගතයුතු බව මේ කතා වස්තුව තවදුරටත් පෙන්වා දෙනවා.
මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥ්ඥාව කරා යොමු කරනා මෙවන් පුස්ථක අද ලොවට ඉතා වටිනා බව නොකියන්නේ කෙලෙසද?

බෞද්ධ භාවනාව ගැන ලියවුන අගනා පොතක්

Leave a comment


මම හිතන විදිහට පූජ්‍ය අජාන් බ්‍රහ්මවම්සෝ හාමුදුරුවො ගැන අහල ඇති ගොඩක් අය. උන් වහන්සේ ලන්කාවටත් වැඩම කලා කීප වතාවක්ම.ඔස්ට්‍රෙලියාවෙ පර්ත් කියන නගරෙ තමයි උන් වහන්සෙගෙ පන්සල තියෙන්නේ.

මම උන් වහන්සේගෙන් දකින සුවිශේෂී ලක්ෂණය වෙන්නේ අමු අමුවේ දහම් කරුනු, සුත්‍ර දෙශනා නොකර එදිනෙදා ජීවිතයේ හමුවන සිද්ධීන් උපයෝගී කර ගනිමින් ධර්මය දෙශනා කිරීමයි.  අනිත් විශේෂත්වය වෙන්නේ මෙතුමා පූජ්‍ය අජාන් චා කියන අති විශිෂ්ඨ භාවනා ගුරුවරයගෙ ගෝලයෙක් වීම. කවුරු හරි කෙනෙක්ගෙ ගුරුවරයා හොද උන පලියට ගෝලයත් හොදයි කියල නම් කියන්න බෑ තමයි. ඒත් මෙතුමාගෙ තියෙන විශිෂ්ඨත්වය දැක්කම එථුමාගෙ ගුරුතුමා කව්ද කියල හොයන්න හිතෙනවා.

මෙන්න මේකයි මම මේ කියන පොත. සල්ලි දීල ගන්න ඕන නෑ google books වල මෙ පොත දාල තියෙනවා. ගිහිල්ල කියවලා බලන්න ආශාවක් තියෙනවනම්. අපි සංසාරෙත් කොට කරගන්න එපාය කොහොම කොහොම හරි. යනකොට දෙයක් අරන් යන්නත් එක්ක කියවලාම බලන්නකෝ 🙂

හැබැයි මේක ලියල තියෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන්.

Mindfullness Bliss and Beyond

Ven Ajhan brahmawamso

කෙනෙක්ට හිතෙන්නත් පුලුවනි සින්හලෙන් තෙරෙන්නේ නැති එකේ ඉංග්‍රීසි වලින් බුද්ධාගම ඉගෙන ගන්න එක විහිලිවක් නේද කියලත්.එත් කියවලා බලන්න ඒක සරලයි.