සරසවි උද්ඝෝෂණ පිලිබදව පලවුනු අගනා ලිපියක්

5 Comments


මට මතක විදිහට නම් මේ ලිපිය පලවෙලා තිබුනෙ ඉරිදා දිවයින පුවත් පතේ. කියවලා බැලිය යුතු ලිපියක් කියල හිතුන නිසා බ්ලොග් එකට දැම්මා. අද මට මෙම ලිපිය ඊමේල් එකකින් නැවතත් ලැබුනා. වෙලාව තිබුනොත් බලන්න කියවලා.කතුවරිය හොයා ගන්න මට නම් බැරිඋනා.එහෙත් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකීය කාන්තාවක්.

1

2

3

4

5

6

7

Advertisements

100%

Leave a comment


This is one of nice email i got today. It’s a little story but there is something to think about.

…………………………………………………..
A boy and a girl were playing together. The boy had a collection of marbles. The girl had some sweets with her. The boy told the girl that he will give her all his marbles in exchange for her sweets. The girl agreed.

The boy kept the biggest and the most beautiful marble aside and gave the rest to the girl. Th e girl gave him all her sweets as she had promised.

That night, the girl slept peacefully. But the boy couldn’t sleep as he kept wondering if the girl had hidden some sweets from him the way he had hidden his best marble.

හාවගෙයි ඉබ්බගෙයි කතාවට අලුතෙන්…

Leave a comment


මට ලැබුන ඊමේල් එකක්.  හිතන්න දෙයක් තියෙනවා.

race of the rabbit & turtle

බොනවද?? රියදුරෙක් ද? මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න…..

5 Comments


අද මට ලැබුන ඊමේල් එකක්.මේක කවුරුහරි සිංහලට හරවලා තිබුනේ.

එක දවසක් මම සුපර් මාකට් එකක ඇවිද ඇවිද ඉන්නකොට මුදල් අයකැමි කාන්තාව හුරු බුහුටි පුංචි කොල්ලෙක්ට සල්ලි වගයක් ආපහු දෙනව  දැක්ක . පොඩි එකාට වයස අවු 8-9 ක් වෙන්න ඇති.
කැෂියර් කිව්වා…….
“ මට කණගාටුයි මේ බෝනික්ක ගන්න තරම් සල්ලි මෙතන නෑ”ඊළගට පුංචි පුතා එයා ළගින්ම හිටගෙන හිටපු වයසක අම්ම කෙනෙක් දිහා හැරිල මෙහෙම කිව්වා……….

“ ආච්චි ඔයාටත් විශ්වාසද මෙතන සල්ලි මදි කියල?
පුතාට  බෝනික්ක ගන්න සල්ලි නෑ කියල පුතත් දන්නවනේ.” වයසක ආච්චි කිව්වා.

මින්පසු මිනිත්තු 05ක් එතැනම ඉන්න ලෙස පුංචි පුතාට කී කාන්තාව මිල අඩු බෝනික්කෙකු සෙවීමට පොරොන්දුවෙන් එතැනින් පිටත් වූනා. පුංචි පුතා තාමත් අර බෝනික්කෙකු වඩාගෙන සිටිය. අවසානයට මම මෙ පුංචි පුතා ළගට ගියා.

“ ඔයා කාටද මෙ බෝනික්කව දෙන්න ‍යන්නේ”මම ඇහුවා.

“මේ තමයි මගේ නංගී ගොඩාක්ම ආස බෝනික්කා. අම්මා ඒක එයාට දෙන්න පොරොන්දු වෙලා හිටියා”.

“ඉතින් ඒක අම්මා නංගීට අරන් දෙවිනේ. පුතා ඇයි කළබල වෙන්නේ” මම කිව්වා. එවිට පුංචි පුතා හරිම දුකෙන් මට මෙන්න මෙහෙම කිවිවා.

“ මෙ ලෝකේ කාටවත් ආයෙ නංගිට කිසිම දෙයක් දෙන්න බෑ. අපේ අම්මටත් ආයෙ සාප්පු ගිහින් බෝනික්කො හොයන්න බෑලු කියල තාත්ත කිවිව” පුංචි පුතාගෙ ඇස්වල කදුලු පිරිල තිබුන. ඉකි බිදිමින් හඬන ගමන් පුංචි පුතා මෙහෙම කිවිවා.

“මගේ නංගි දිවිය ලෝ‍කේ ගියා. තාත්ත කියනව අම්මත් ඉක්මනට නංගි ගාවට යන්නලු යන්නෙ. ඉතින් මං හිතුවා අම්මට මෙ බෝනික්කව ගිහින් දෙන්න.”

මගේ හදවත නතර උනා වගේ මට දැනුනා. ඇස් උස්සල මගේ දිහා බලපු පුංචි පුතා මෙහෙම කිවිවා.

“අම්මට ඉක්මනට යන්න එපා කියල මම තාත්තට කියල ආවෙ. මම එනකොට අම්ම නිදි .මං බෝනික්ක අරන් ඉක්මනට ඉස්පිරිදාලෙට යන්න ඔන අම්ම නංගි ළගට යන්න කලිං”

පුංචි පුතාගේ මූනේ කදුලු ගලා ගිහින්. පුතා මට ලස්සන පිංතූරයක් පෙන්නුව. ලස්සනට හිනා වෙලා පුතා ඒකෙ හිටියා. පොටෝ එක පෙන්නන ගමන් පුතා මට  මෙන්න මෙහෙම කිවිවා.

“ මම මෙ පොටෝ එකත් අම්මට  ගෙනියන්න දෙනව. එතකොට කවදාවත් අම්මට මාව අමතක වෙන එකක් නෑ. මගෙ අම්මට මං ගොඩාක් ආදරෙයි. අම්ම මාව දාල යනවට මං චුට්ටක්වත් කැමති නෑ. ඒත් තාත්ත කියනව අම්මට නංගි ගාවට යන්නම වෙනව කියල”

ඊට පස්සෙ පුංචි පුතා හරිම දුකෙන් බෝනික්ක දිහා බලාගෙන හිටිය. මම ඉක්මනට මගේ පර්ස් එකෙන් සල්ලි ගත්ත.  මම මෙහෙම කිව්ව.

“ අපි ආපහු ඔයාගෙ සල්ලි ගැනල බලමුද? සමහර විට සල්ලි ඇතිවෙන්න ඉඩ තියෙනව.”

හා……….. පුංචි පුතා කිව්ව.මටත් හිතෙන්නෙ සල්ලි ඇතිවෙයි කියල.

පොඩි වී ගිය මුදල් නෝට්ටු ගණින ගමන් පොඩි එකාට නොපෙනෙන්ට මං මගේ සල්ලිත් ඒ ගොඩට එකතු කළා. බෝනික්ක ගන්න සල්ලි වැඩියෙනුත් තිබුන. ඒක දැනගත් පුංචි පුතාගේ මූනෙ ලස්සන හිනාවකින් පිරුන.

“මම ඊයෙ රෑත් දෙවියන්ට කිව්ව මට ඇතිවෙන්න සල්ලි දෙන්න කියල. මගේ නංගි කැමතිම බෝනික්කයි අපේ අම්ම ආසම සුදු පාට රෝස මලුයි මට දැන් ගන්න පුලුවන්.”

වයසක කාන්තාව අප දෙසට එනවා මා දුටුවා. උනුසුම් හාදුවකින් දරුවාගෙන් සමුගත් මං එතැනින් ඉවත් වුනා. සාප්පු යන්න පටන් ගන්ත මානසිකත්වයේ ඉඳලා හාත් පසකින්ම වෙනත් වූ සිතකින් මම සාප්පු ගමන හමාර කලා. අර පුංචි දරුව මට මගේ හිතින් අයින් කරන්නම බැරිවුනා. ගෙදර ගිහින් හාංසි පුටුවෙ ඇලවුනු මම ගිය සතියේ පත්තරේ අරගෙන පිටු පෙරලුව. එහි තිබු ප්‍රවෘතිය දුටු මගේ ඇස් නිලංකාර වුනා. එහි කියවුනේ මෙන්න මෙහෙම ප්‍රවෘතියක්.

“බීමතින් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් පැදවු රියදුරෙක් ත රුණ කාන්තාවක් හා කුඩා ගැහැණු දරු‍වෙක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් සුන් බුන් ගොඩක් බවට පත් කර තිබිනි. පුංචි දැරිවිය සිද්ධිය වුනු ස්ථානයේදිම මියගිය අතර මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇත”.

අනේ මේ පුංචි පුතාගේ පවුල වෙන්න ඇති. මගේ මුලු ලෝකයම නතර වෙනවා වගේ මට දැනුනා. දින දෙකකට පසු රෝහල් ගත කර තිබූ කාන්තාව මිය ගිය බව මම පත්තරෙන් දැන ගත්තා. මට මාව නතර කර ගැනිමට අපහසු වුනා . සුදු පාට රෝස මල් පොකුරක් මිලට ගත් මා පුංචි පුතාගේ නිවස බලා පිටත් උනා. ඒ තරුණ කාන්තාව ලස්සන මගුල් ඇඳුමකින් සැරසී දෙනක් මත සයනය කරමින් සිටියා. සුදුපාට රෝස මල් පොකුරක් ඇය අතේ තිබුනා . පුංචි පුතාගේ පිංතූරයක් හා බෝනිතකෙක් ඇගේ පපුව මත තිබුනා. දහස් ගණන් රැස්ව සිටි නිවස ශෝකයෙන් පිරි තිබුනා . මේ පුංචි පුතා අම්මටත් නංගිටත් නොසැලෙන දැඩි ආදරයක් තිබුනා.  ඒක හිතා ගන්නවත් අමාරු බැදීමක්. තත්පරයකුත් කොටසකින් බීමත් රියදුරෙක් පුංචි දරුවාගේ ලෝකයම විනාශ කර තිබුනා. පුංචි දරුවාගේ හදවතට එය කෙසේනම් දැනෙන්නට ඇත්ද? මාගේ පපුවෙ වෙනදාට වැඩි බරක් මට දැනුණා.
මම පිටත් වෙලා එනකොට මගේ ජිවිතය සදාකාලික වෙනසක් සිදුවී ඇති බව මට තේරැණා .ඇසේ කඳුලු පිස දමමින් මම මෝටර් රියට ගොඩ උනා.

ප.ලි.
මේක මට ලැබුන විද්‍යුත් තැපැල් ලිපියක්.සිංහලට පරිවර්ථනය කලා. එක බේබදු රියදුරෙකුට ලස්සන ආගතයක් හිමි මේ කුඩා දරුවාට මෙතරම් දුකක් දීලා තියෙනවා. ඔබ බොනවා නම් බොන්න. ඒක නවත්තන්න කියලා මං කියන්නේ නෑ. ඒත් බීලා රිය පදවන්න නම් එපා.ඒක විනාශ කාරී ක්‍රියාවක්.

අපි පොඩි උන්ගෙ හිත් කියනව මදිද?

2 Comments


අද මට හම්බ උන සංවේදී ඊ මේල් එකක්. මේ අර්ටිකල් එක කවුරු ලිව්වද දන්නේ නෑ. මේ ඉමේජ් එකේ තිබුනේ නෑ ලියපු කෙනාගෙ නම. අවසරයකින් තොරව තමයි මේක පල කරන්න වෙන්නේ. මොකද ලියපු කෙනා හොයා ගන්න බරි නිසයි. බලන්න පොඩ්ඩක් කියවලා.