අපට මෙලෝ රහක් නැති විදෙස් පැසැසුම් ලත් (දේශීය?) චිත්‍රපට

1 Comment


දැන් දැන් දේශීයව නිශ්පාදනය වන චිත්‍රපට වලින් යම්කිසි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට කලින් විදෙස් රටවල පවත්වන සිනමා උලෙළවල් වලට ඉදිරිපත් කිරීම සුලභව දක්නට ලැබෙන දෙයක් වී හමාරය. එලෙස ඉදිරිපත් කරන චිත්‍රපට බොහොමයකට ස්ම්මාන ත්‍යාග ආදියද හිමිවන බව හැමෝම මෙන් දන්නා කරුණකි. දේශීය චිත්‍රපට එලෙස විදෙස් සිනමා උලෙලවල් වලදී කරට කර තරග කර ජයග්‍රහණ ලබා ගත් බොහෝ අවස්ථා වලදී මෙරට මැති ඇමති වරුන් පවා ඔවුන් පිලිගැනීමට ගුවන් තොටුපලට පවා ගොස් එම ජයග්‍රහනය පිලිබදව උදම් අනන අවස්ථා අප කොතෙකුත් මෑත භාගයේ දැක ඇත්තෙමු. ඒ සියල්ලම හොදය එහෙත් එම ජයග්‍රහණ බොහොමයක් පිටුපස ඇති රහස එම චිත්‍රපට සත්ය වශයෙන්ම ඉහල තලයක පවතින බවද?

පිට රටවලින් කෙතරම් සම්මාන ලැබුවත් සමහර චිත්‍රපට නරඹන විට අපට දැනෙන දෙයක් නම් සම්මාන දීමට තරම් එහි තිබූ වැදගත්කම කුමක්ද යන්නයි. පිට රැටියෙකු අපේ චිත්‍රපටයක් නරඹා එය ඉතා විශිෂ්ට බව පවසන්නේ ඔහුගේ සමාජ වටපිටාව, සංස්කෘතියට අනූව, ඔහුට සාපෙක්ෂව එය ඉතා විශිෂ්ට වන නිසාය. එහෙත් මෙරට ජීවත් වන බොහෝ වැසියන්ට එම චිත්‍රපටයම නරඹා මෙලෝ රහක් නැති වන්නේ මෙරට සංස්කෘතියට සපේක්ෂව ඔවුන් හිතන පතන නිසාවෙන්ය.

අපට මෙලෝ රහක් නැති වීමටත් විදෙස් රට වලට එය සම්මාන පිට සම්මාන දිය යුතු නිර්මාණයක් වීම ගැනත් ඔබට හැගෙන්නේ කුමක්ද? එයින් දෙන පණිවිඩය නම් ලංකාවෙ අයට මේවගෙ අගයක් නැතිද යන්නද? එසේත් නැතිනම් මෙරට එම චිත්‍රපට තෙරුම් ගැනීමට තරම් මනස මුහුකුරා ගිය පිරිසක් නොමති බවද? එහෙමත් නැත්නම් ලංකාවේ චිත්‍රපටයක් ජනප්‍රිය කරගැනීමට නම් විදෙස් සම්මාන අත්‍යාවශ්‍ය බවද?

Letters to Juliet – ජුලියට්ට(රෝමියෝගෙ) ලියූ ලිපි

Leave a comment


සුන්දර වූ ප්‍රේමය ගැන ගෙතුන කතාවක් රැගත් අලුත් චිත්‍රපටයක් බැලුවා. කතාව කිව්වොත් ඒක හරි නෑනෙ. ඒ නිසා නම විතරක් කියන්නම් හොයගෙන බලන්න. ලස්සන කතාවක්.

Letters to Juliet