ලක් ඉතිහාසය ගැන ලියවුනු මෙම ලිපි පෙල ඉවත දැමිය හැකිද?

Leave a comment


මෙය නවමු ආරක අත්දකීමක් වනු නොඅනුමානය. හේ මාකස් ප්‍රනාන්දු මහතා විසින් රචිත කොග්ගල නිළමේ නම් කතාව කියවා බැලූ මට එහි ඇති කරුනු ගැන අතිවුනු පැහැදීම කරනකොට ගෙන මෙම බ්ලොග් ලිපිය හරහා ඔබ සමග බෙදා ගැන්මට අදහස් පහලවිය. එම මහතාගේද එකම බලාපොරොත්තුව වී තිබුනේ මෙම කරනු ලක් වැසියා අතට පත් කිරීම බැවින් ඔහුගේ කතාව මෙලෙස මම ඔබත් සමග බෙදා ගනිමි.

මෙම කතාව සිතුමින නම් සිංහල පත්‍රයේ පල්වූ ලිපි පෙලක එකතුවකි. හුදෙක් ලක් ඉතිහාසය ගැන උනන්දු වන අයගේ දනුම වර්දනය පිණිස සද් භාවයෙන් මෙය මෙම බ්ලොග් අඩවිය හරහා පහත සදහන් යොමු පලකරමි.

http://www.scribd.com/koggala_nilame

Advertisements

ශ්‍රී රාවණ්ණා පුවත

Leave a comment


ලියන්න වෙලාවකුත් නැති උනා පහු ගිය දවස්වල එක දිගටම වැඩ අධික උන නිසා. එත් ලස්සන කතා පොතක්නම් කියවන්න ලැබුනා. ඒ තමයි ශ්‍රී රාවණ්ණා පුවත. මේ පොත ලියල තියෙන්නේ නම් භද්‍රජි මහින්ද ජයතිලක මහතා. ඇත්තටම හෙළ යක් පරපුරේ ඉතිහාසය ගැන මනා ලෙස කරුණු හදාරා කල පුස්තකයක් බව පේනවා. ඉතින් වෙලාවක් ලැබුනොත් මේ පොතත් අනිවාර්යයෙන් කියවලා බලන්න අපි අපේ පූර්ව ඓතිහාසික යුගය ගැනත් ඒ කියන්නේ විජයාවතරණයට පෙර අපේ ඉතිහාසය ගැනත් දැනගෙන ඉන්න ඕන කියල මට හිතෙනවා.

පුලස්ති කියන ඝෘෂීවරයා ගැන කරුනු බොහෝමයක් මේ පොතේ අඩංගුයි.පුලස්ති කියන ඝෘෂීවරයා කියන්නේ රාවණා රජතුමාගේ සීයාට. පරාක්‍රම සමුද්‍රය අසල ගලින් නෙලා ඇති පිලිරුව පිලිබදව මත දෙකක් තියෙනවා. එකක් මෙය පුලස්ති කියන ඝෘෂීවරයා බවයි. අනෙක මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ කියන මතය.නමුත් බැලූ බැල්මටම මෙය රජකෙනෙකුට වඩා ඝෘෂීවරයෙකුගේ පිලිරුවක් බවයි මට නම් හැගෙන්නේ.

අද පොලොන්නරුව යනු පොරණ පුලතිසිපුරවරය බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඒ මේ පුලස්ති කියන ඝෘෂීවරයා විසූ පෙදෙසයි.

පහලින් තිබෙන සබැදුම ප්‍රයෝජනවත් වේවි.
http://www.bhadrajijayatilaka.com/

ගැමුණු කුමරු කොත්මලේ ගියේ ඇයි?

Leave a comment


සිංහල රාජ වංශයේ වීරයා, අපේ දුටු ගැමුණු මහ රජතුමා තම යොවුන් විය කොත්මලේ ප්‍රදේශයේ ගත කලේ ඇයි යන්නට ඉතා අගනා ලිපියක් මට හමු උනා. ඉතිහාසය ගැන පොඩි හෝ උනන්දුවක් ඇත්නම් ගිහිල්ල කියවන්න.

වෛද්‍ය චන්න සුදත් ජය සුමන තමයි මේ ලිපිය ලියල තියෙන්නේ.

http://www.kalaya.org/files/r0009.pdf