ගොට්ට ඇල්ලුවාට ගොට්ටක් දැකල තියෙනවද?

3 Comments


සමහරු ගොට්ට අල්ලන්න දන්නවා උනාට ගොට්ට දැකලවත් තියනවද කියල සැකයි. මේ තියෙන්නේ ගමේ ගොඩේ භාෂාවෙන් කියන ගොට්ට. 100% පරිසර හිතකාමී නිෂ්පාදනයක්. හදා ගන්න ඕන වෙන්නේ පුවක් ගහකින් වැටුන කොලපතක් විතරයි. තව පිහියක් ඕන හැඩයට කපා ගන්න සහ ගැට ගහන්න අවශ්‍ය පට්ට ටික කොලපතෙන් කපා ගන්න.

ගොට්ට - කොලඹ කෞතුකාගාරය

ගොට්ට - කොලඹ කෞතුකාගාරය

ඔය camping යන අයට එහෙමත් ඕන වෙයි 🙂 හදිස්සියට වතුර ටිකක් ඇද ගන්න එහෙම. හදන හැටි නම් පස්සේ තමයි කියන්න වෙන්නේ. ආදි කාලෙ ඉදන් ගං ගෙවල් වල පාවිච්චි කරපු බොහොම ප්‍රයෝජනවත් දෙයක්.

හදාගන්න අපේ දේ 🙂

Advertisements

ආචාර්ය රේ විජේවර්ධනයන් අගය කල අපේ පිට්ටු බම්බුව

Leave a comment


ආචාර්ය රේ විජේවර්ධන කියන අති විශිෂ්ඨ ශ්‍රී ලාංකික විද්වතා පහු ගිය අගෝස්තු මාසේ 18 වෙනිදා අවුරුදු 86 ක් ආයු වින්දනය කරල ආපහු යන්න ගියා. මම මේ ලගදි කොලඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිය ගමන් එක දෙයකට විශේෂයෙන් ඇහ ගියා. ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුව. මම එකේ පින්තූරයකුත් ගත්තා. තාමත් අපේ ගෙදරත් මේ වගෙ එකක් පාවිච්චි කරනවා. මේක දැකපු ගමන් මට මතක් උනේ ආචාර්ය රේ විජේවර්ධනයන්. එතුමා ජීවත්ව සිටි කාලයේ කීප වරක්ම දොරමඩලාව වැඩ සටහනට ගොඩ උනා අපේ පැරැණි ලාංකිකයන්ගෙ විශ්මිත ඉංජිනේරු ශිල්පය ගැන කථා කරන්න.

එහෙම එන ගමන් එතුමා නොවැරැදීම අරගෙන එන එක දෙයක් තිබුනා. ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුව. ඇත්තටම ඇයි එතුමා ඒක අරගෙන ආවෙ? ඉංජිනේරු ශිල්පයේ වගේම වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම මුහුකුරා දැනුමකින් සන්නද්ධ උන, වඩා ප්‍රායෝගික නිර්මාණ බිහිකල පුද්ගලෙකුට එහි තිබෙන සුවිශේෂත්වය අතැඹුලක් සේ වැටහීම අරුමයක් නොවන නිසා නිසා වෙන්න ඇති.

මේ තමයි එතුමා කතා කල අපේ පිට්ටු බම්බුව

ලාංකීය පිට්ටු බම්බුව

ලාංකීය පිට්ටු බම්බුව

ගත්ත පින්තූරය නම් ටිකක් පැහදිලි මදි තමයි ඒත් කාරණාවට මේක සෑහෙනව කියල හිතෙනවා.

ගොඩක් අය දන්නවා ඕක පාවිච්චි කරන විදිහ.වතුර උනු කරපු මුට්ටියක කට උඩින් ඔය පිට්ටු බම්බුව තිබ්බම හොදට පිට්ටු බම්බුව සහ මුට්ටියේ කට ජල වාෂ්ප කාන්දු වෙන්නේ වෙන්නේ නැති විදිහට හොදින් සංවෘත (සීල්) වෙනවා. එහෙම වෙන්නේ ඔය බම්බුව වටෙට ඔතල තියෙන රෙදි පොට්ටනිය නිසයි.ඔය උන බටය වටේට තව දුරටත් කොහු ලණුවකින් ඔතල තියෙනවා උඩට යනකල් වටෙටම. පිට්ටු බම්බුව පාවිච්චි කරන්න කලින් වතුරෙ ඔබල තමයි ගන්නේ. තවත් කාරණයක් තමයි උන බටය තාපය සන්නයනය කරන්නේ බොහොම අඩුවෙන්. ඔය හැම කාරණාවක්ම සලකා බලපුවහම වාෂ්ප මගින් නිපදවෙන තාපය උපරිම ලෙස භාවිතයට ගනිමින් ඉතා අවම තාප හානියක් සහිතව පාවිච්චි කරන්න පුලුවන් උපකරණයක් තමයි මේක.

මෙහි ඇති විශිෂ්ඨ බව තේරෙන්නේ අද මේ වෙනුවට පාවිච්චි කරන අනෙක් පිට්ටු බම්බු දිහා බලපුවහමයි.

මේ ලාංකීය තාක්ෂනයෙහි ඇති අරුමයයි…

පොල් කටු හැන්ද හදපු අපි…

Leave a comment


කඩ පොලට ගියා හැදි කීපයක් ගන්න කියලා. පොඩියට ඉටි රෙදි වලින් වට කරගත්ත කඩ පොඩ්ඩකට ඇදිලා ගියා මොකද පොල් කටු වලින් හදපු හැදි වගයක් විකුණන්න තියල තිබුන නිසා. පොල් කටු හැදි දන් ඉස්සර වගේ නෙවෙයි හරිම ලස්සනට හදනවා. ගොඩක් පේන්න තියෙන්නේ පොඩිවට හදපු බොහොම මට සිලුටු වලදකට දාන්න හිතෙන්නෙත් නැති තරම් ලස්සන හැදි. කාලෙත් එක්ක හැදිත් වෙනස් වෙලා.

මට පොඩි කාලෙ මතක් උනා. අම්මත් එක්ක ඉරිද පොලට යනව ගෙදරට ඕන අඩු වැඩිය අරන් එන්න. ඉස්සර විකුනන්න තිබුන හැදි මේ තරම් ලස්සන නෑ. එකම හැඩය එකම විදිහට තමයි හදල තිබුනේ. ඒත් පොඩි වෙනසක් තියෙනවා. දැන් තියෙන හැදි මිටට සවි කරල තියෙන්නේ ඇණ කීපයක් ගහල. පරණ පොල් කටු හැන්ද නම් ඇණ ගහල හයි කරල තිබුනේ නෑ. පොල් කට්ටේ හිල් දෙකක් විදල ගොඩක් වෙලාවට පුවක් ලීයක් තමයි දාල තිබුනේ. මේ හැන්දෙ තියෙන විශේෂත්වය වෙන්නේ මිට ගලවල හැන්ද හොදට හෝදල තියන්න පුල්වන් වීම. ඒක හොද දෙයක්. ටිකක් මිට බුරුල් උනාම, පවිච්චි කරන්න අමරු උනාම කලේ මිට අගින් කපලා අයෙත් අග හොදින් සකසාගෙන නැවත පාවිච්චි කරන්න ගන්න එක. ඔහොම ඔහොම මිටත් පුලුවන් තරම් පාවිච්චි කරල තාමත් පොල් කට්ට හොදට තියෙනවනම් අලුතෙන් පුවක් කීරක් රැහල හොදට සුද්ද කරලා අයෙත් පාවිච්චියට ගත්තා.

හැබැයි ඇණ ගහපු හැදිත් එක්ක නම් ඔය කතා බොරු. ඉස්සර වෙලාම පොල් කට්ට තමයි පුපුරලා යන්නේ. ඉතින් මොකද අලුතෙන් ප්ලාස්ටික් හරි ඇලුමිනියම් හරි හැන්දක් අරගෙන එනවනෙ රුපියල් 20ක් විතර දීල. එහෙම නේද ගොඩක් අය හිතන්නේ? ප්ලාස්ටික් හැන්දක් ගත්තනම් ඔය කරදර නෑනේ නේද?

ගොඩක් අය හිතන්නෙම එහෙමයි. ලයිෆ් එක හරිම බිසීනෙ. කාටද ඔය කියන දේවල් හිතන්නවත් කාලය තියෙන්නේ. ගම් වල ඉන්නවනම් ඔන් ටිකක් හරි පුලුවන්.  ඔය වගේ දේවල් ටිකක් තමයි අහන්න වෙන්නේ.

අපෙන් ක්‍රම ක්‍රමයෙන් අපේ සංස්කෘතිය සතු දැනුම අගය කිරීම අඩු වේගෙන යනව. ඒත් එක්කම ඊලග පරපුරට මේ දැනුම සංක්‍රමණය වෙන එක ඇණ හිටිනවා. අපි පිට රැටියන්ගේ දැනුම අගය කිරීම වැඩි වෙනවා. උන් ඊලගට අපට එවන්නේ මොන අප්ඩේෂන් එකද කියල බලාගෙන ඉන්නවා. මොකද ඒක අප සතු දැනුමක් නෙවෙයිනෙ.  අදටත් පිට රැටියන් කරන වැඩ අගය කරන බොහෝ දෙනා තමන්ගේ සංස්කෘතිය සතුව පැවති එවැනි දැනුම් ගැන නොදන්නාකම නිසාම ඒම අගය කිරීම් කිරීමට පෙලඹෙනවා. එතනින්ම පේනවනෙ අපි අපේ දැනුම ගැන හරියට දන්නේ නෑ කියලා. ඉතින් අපෙන් පස්සේ බිහිවෙන පරපුර ගැන මොන කතාද.

ඇත්තටම අපිට මොකද මේ වේගෙන යන්නේ?

පැරණි හැදි - කොලඹ කෞතුකාගාරය

පැරණි හැදි - කොලඹ කෞතුකාගාරය

සින්ග්ලිෂ් ටයිපින්

Leave a comment


මට තිබ්බ ලොකූ ප්‍රශ්නයකට අද මට පිලිතුරක් ලබුනා.  මම කොහොමත් සිංහල ටයිපින් වලට දක්ෂ කෙනෙක් නෙවෙයි. සිංහලෙන් ලියන්න ඔනකම තිබුනත්  ගොඩක් ලිපි ලියන්නෙ ඉංග්‍රීසියෙන් මොකද මේ සිංහල ටයිපින් බැරිනිසා. එක මෙ අඩම්බරෙන් කියන දෙයක් නෙවි හරිම ලජ්ජයි.

UCSC එකෙන් සින්ග්ලිෂ් ටයිපින් වලට  හරිම අපූරු ප්‍රෝග්‍රැම් එකක් ලියල. එකෙ තියෙන අනික් විශෙෂත්වය වෙන්නෙ මේක ඔන්ලයින් වැඩේ කරගන්න පුලුවන් වීම.  අද ඉදන් මටත් සිංහල ට්යිප් කරන්න පුලුවන්.

“යුනිකෝඩ් එසැණින් පරිවර්තකය” තමයි මේකෙ නම

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html