ව්‍යවසායකයෝ කියන්නේ රටක ආර්ථිකය ඉදිරියට තල්ලු කරල දෙන ඒ සදහා ඝෘජුවම උදවු දෙන පිරිසක්. රජයක වගකීම තමයි ව්‍යවසායකයන්ට තමන්ගේ කාර්යය වඩා හොදින් පවත්වාගෙන යාම සදහා තව තවත් දිරි දීම සහ ඒ සදහා අවශ්‍ය යටිතල පහසු කම් වර්දනය කර දීම. මට මෙහෙම හිතුනෙ සුපුරුදු පරිදි හැමදාකම දකින පහත දර්ශන පෙල නිසයි.

විහාර මහා දේවි උද්‍යානය අසල අලෙවියට තබා ඇති  ස්වකීය නිර්මාණ

විහාර මහා දේවි උද්‍යානය අසල අලෙවියට තබා ඇති ස්වකීය නිර්මාණ

ග්‍රාමීය මට්ටමෙන් පවා නව නිර්මාණ කරුවන් සහ ව්‍යවසායකයින් බිහි කිරීම සදහා මේ වන විටත් රජය හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන ක්‍රියා කරන බව අප කවුරුත් දන්නා කරුනක්. ඒ ක්‍රියා කාරකම් වල ඇති ගුන දොස් සහ සඵලතාවයන් වෙනම කතිකාවතට උචිතයි. ඒ කෙසේ වෙතත් මේ ඔබ දකින්නේ සැබෑ සෞන්දර්යාත්මක  නිර්මාණශීලින් පිරිසක්. හැම දිනකම උදයේ ඔවුන් ලහි ලහියේ තමන්ගේ මේ නිර්මාණත් සමග විහාරමහා දේවි උද්‍යානය සහ ජාතික කලා භවන අතර ඇති මාර්ගය දෙපසට විත් උද්‍යාන වැටෙහි තමන්ගේ නිර්මාණ
එකින් එක එල්ලන්නේ ලොකු බලාපොත්තුවකින් වෙන්න ඕන.

මට මතකයි මේ ලගදි දීපාල් සූරිය ආරච්චි මහතාත් මේ කරුණ අවදානයට ලක් කලා දොරමඩලාව වැඩසටහනකදී. ඔවුන් මුහුන දෙන දුෂ්කරතාවය දකින්න ලැබෙන්නේ එක පාරටම කඩා පාත් වෙන වැස්සකුත් එක්කයි. ඔවුන් නිහඩව තමන්ගේ කාර්යය කරගෙන යනවා. මේ පාර හරහා ජීප් හතර පහක් වට කරගත්ත නිල රථ ඕන තරම් පාරේ දෙපැත්තට යනවා. කලු වීදුරු නිසාත් සහ දෙපැත්තෙන් ආරක්ෂාවට යන ආරක්ෂක පරිවාර රථ නිසාත් මෙවනි වටිනා පිරිස් ඔවුන් නෙත නොගැටෙනවා ඇති. මොවුන්ගේ අවාසනාවද රටේ අවාසනාවදෝයි විටෙක නොහිතෙනවා නොවෙයි.

චූල - ඔහුගේ නිර්මාණ සමග

චූල - ඔහුගේ නිර්මාණ සමග

මටත් හිතුනා බ්ලොග් සටහනකින්වත් අපට හැකි පමනින් හඩක් නගන්නට. මේව කතා කරල වැඩක් නෑ කියල පැත්තකට වෙලා ඉන්නවට වඩා පුලුවන් විදිහට මෙවැනි රටකට වැඩදායි නිර්මාණශීලී ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් අඩු ගානේ පුංචිම පුංචි හඩක් නගුව නේද කියල සතුටු වෙන්නවත් බැරිය.

මහේෂ් ඔහුගේ නිර්මාණ සමග

මහේෂ් ඔහුගේ නිර්මාණ සමග

මීට වඩා දේශීය හා විදේශිකයන් ගැවසෙන ස්ථාන මේ රටේ කොතෙකුත් ඇති. කරනා අනවශ්‍ය වියදම් ද කොතෙකුත් ඇති. මෙය බුද්ධිමත්ව සිතා බලා  ඔවුන්ට මීට වඩා හොදින් මේ කර්තව්‍ය කරගෙන යාමට කරන සද් කාර්යය තවත් බෝඩ් ලෑලි කීපයක් රැකියා විරහිත උද්ඝෝෂණවලින් ඉවත් කිරීමට අනිවාර්යයෙන්ම හේතු වේවි.

තවත් නිර්මාණ කීපයක්

තවත් නිර්මාණ කීපයක්

තවත් නිර්මාණ කීපයක්

තවත් නිර්මාණ කීපයක්